Follow Me on Facebook

Saturday, July 2, 2016

Google Fun Tricks


අද කියන්න යන්නෙ නිකන් ඉන්න වෙලාවට ජොලියට වගේ කරල බලන්න, නැත්නම් වැඩිය දන්නෙ නැති යාළුවෙක් ඉන්න තැනක කරල පොඩ්ඩක් බය කරන්න පුලුවන් Tricks කිහිපයක්. මේ හැම එකක්ම Google Search Engine එක භාවිතා කරල කරන්න තියෙන දේවල් ටිකක්.

Google වල අපි ලේසියෙන් භාවිතා කරන්නෙ නැති I'm Feeling Lucky කියන බට්න් එකත් සමහර Tricks වලට භාවිතා කරන්න වෙනවා. ඒක නිසා අපි මේ වැඩේ කරන්න කලින් Google Search Engine එකේ පොඩි Setting එකක් තියනව හදා ගන්න ඕන.
Google පෙජ් එකට ගියාම ඔයාලට දකින්න පුලුවන් දකුනු පැත්තෙ යටින්  Privacy, Terms, Settings, Use google.com කියල පොඩි options වගයක් දීල තියෙනව.
එතනින් Settings කියන option එක තෝරන්න. එතකොට පොඩි pop-up menu එකක් එයි. එකේ තියෙනව Search Settings කියල option එකක් ඒක තොරන්න.
එතකොට load වෙන page එකේ තියෙනව Google Instant predictions කියල option එකක්. එකේ Only when my computer is fast enough කියන option එක තෝරලා ඇති. ඒක වෙනස් කරන්න Never show instant result කියන එක තෝරන්න. තෝරලා page එකේ පහලම තියෙන Save button එක ක්ලික් කරල Save කරන්න. එතකොට එන pop-up message box එකේ තියෙන OK button එක ක්ලික් කරන්න.

හරි දැන් අපි බලමු ඒ විදිහට කරන්න පුලුවන් වැඩ මොනාද කියල.

  1. Google Search box එකේ Google Gravity කියල Type කරල I'm feeling lucky button එක ක්ලික් කරල බලන්න මොකද වෙන්නෙ කියල.
  2. find chuk norris කියල Type කරල I'm feeling lucky button එක ක්ලික් කරල බලන්න ඔයාලට අමුතුම විදිහෙ Result එකක් එයි.
  3. do a barrel roll කියල Type කරල Search button එක ක්ලික් කරල බලන්න මොකද වෙන්නෙ කියල.
  4. the answer to life the universe and everything කියල Type කරල Search button එක ක්ලික් කරල බලන්න එන Result එක මොන විදිහෙ එකක්ද කියල.
  5. 2204355 Type කරල I'm feeling lucky button එක ක්ලික් කරල බලන්න මොකද වෙන්නෙ කියල.
  6. Askew කියල Type කරල search button එක ක්ලික් කරල බලන්න.
  7. the number of horns on a unicorn කියල Type කරල search button එක ක්ලික් කරල බලන්න 4 වෙනි එකේ වගේ උත්තරයක් එයි.
  8. දැන් කට්ටියම google map එක load කර ගන්න. ඊට පස්සෙ ඒකේ search box එකේ the white house කියල type කරල search කරන්න. එතකොට එන රිසාල්ට් එකේ චුට්ටක් පහලට ගිහින් තියෙන image එකක් ක්ලික් කරල බලන්න ඔයාලට පුලුවන් white house එක ඇතුලෙ සවාරියක් යන්න.
  9. Google Search box එකේ blink HTML කියල Type කරල Search button එක ක්ලික් කරන්න. බලන්න මොකද්ද වෙන්නෙ කියල.
  10. Google Search box එකේ bletchley park කියල Type කරල Search button එක ක්ලික් කරල බලන්න result එකේ මොකද වෙන්නෙ කියල.
  11. ඔයාලගෙ web browser එකෙන් Google Play Store වලට ගිහින් Search box එකේ මොකුත් ටයිප් කරන්නෙ නැතුව Search කරල බලන්න. Play Store එක නිකන්ම Unicorn keyword එකට ආදාලව Search කරනව.
  12. Google Search box එකේ zerg rush කියල Type කරල Search කරල බලන්න මොකද වෙන්නෙ කියල.
  13. Google image search වලට ගිහින් atari breakout කියල search කරන්න. අපි පොඩි කාලේ ගහපු ලස්සන ගේම් එකක් එයි ගහන්න. Mouse එක එහාට මෙහාට කරල මේ ගේම් එක ගහන්න පුලුවන්.

0 comments:

Post a Comment