Follow Me on Facebook

Friday, May 8, 2015

පෙන් එකක් ලේසියෙන්ම බූටබල් කරමු


ගොඩ කාලෙකට පස්සෙ පෝස්ට් එකක් ලියන්නයි යන්නෙ. බ්ලොග් එක පැත්තවත් බැලුවෙ නෑ ගොඩ කාලෙකින්. මේ දෙන්න යන්නෙ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්. පොඩි උනාට ලේසියෙන් ලොකු වැඩක් කර ගන්න පුලුවන්. මේකෙ නම Rufus. යකාගෙ නමක් තමයි ඔව්.
:P පහල ලින්ක් එකෙන් ගිහින් සොෆ්ට්වෙයාර් එක බාගන්න. මෙගාබයිඩ් දෙක තුනක් වෙන්නෙ.


දැන් සොෆ්ට්වෙයාර් එක ඕපන් කර ගන්ඩකෝ. ඉන්ස්ටෝල් කරන්ඩ දෙයක් නෑ නිකන්ම රන් කරන්ඩ තමා තියෙන්නෙ. ඕපන් කරමා පහල තියෙන ෆොටෝ එකේ වගේ වින්ඩෝ එකක් තමයි එන්නෙ.


දැන් ඔයාලගෙ පෙන් එක කම්පියුටර් එකට ගහන්න. මේකෙ උඩම තියෙන Device කියන තැනින් ඔයාලගෙ පෙන් එක තෝරන්න. දැන් ටිකක් පහලට වෙන්න තියෙන "Create a bootable disk using" කියන තැන ටික් එකක් වැටිල නැත්නම් ටික් එකක් දාන්න. ඊට පස්සෙ එතන ඉස්සර තියෙන සීඩී ඩ්‍රයිව් අයිකන් එක උඩ ක්ලික් කරල එතනින් ඔයාල ඉන්ස්ට්‍රෝල් කරන්න යන OS එකේ ISO ෆයිල් එක තොරන්න. දැන් Start කියන බට්න් එක උඩ ක්ලික් කරන්න.
හරි දැන් පෙන් එක ෆෝර්මැට් වෙලා බූට්බල් වෙලා එන්න ටික වෙලාවක් යනව. වැඩේ ඉවර උනාම ඔය උඩ තියෙන පින්තූරෙ වගේ READY කියල වැටෙනව. දැන් වැඩේ හරි. දැන් ඔයාලට ඒ පෙන් එකෙන් ඕඑස් එක ගහන්න පුලවන්. කස්ටියට ජයෙන් ජය.

0 comments:

Post a Comment