Follow Me on Facebook

Wednesday, October 22, 2014

වයිෆයි වලින් කොම්පියුටර්ස් කනෙක්ට් කරමුද?


කතා දෙකක් නෑ වයිෆයි තියෙන ලැප්ටොප් තියෙන අය මේක ගැන දන්නව ඇති. මේකෙන් වෙන්නෙ අපේ කම්පියුටර් එකේ තියෙන වයිෆයි භාවිත කරල Virtual WiFi Network එකක් හදනව. එතකොට වයිෆයි තියෙන අනෙක් කම්පියුටර්ස් වලට අපේ කම්පියුටර් එකට ලෑන් විදිහට සම්බන්ද වෙන්න පුලුවන්. නෙට්වර්ක් කේබල්ස් භාවිතා කරන්නෙ නැතුව ලෑන් විදිහට සම්බන්ද වෙන්න පුලුවන්. ඒ වගේම සැලකිය යුතු දුරක් මේ ෆයි සිග්නල් එක පැතිරෙනව. ඇති තරම් කම්පියුටර්ස් වලට කනෙක්ට් වෙන්නත් පුලුවන්. මේ වැඩේ සොෆ්ට්වෙයාර් එකක් නැතුවත් කරන්න පුලුවන්. නමුත් මේ විදිහට කරද්දි වැඩේ ලේසියි පහසුයි කිසි කරදරයක් නෑ.


මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලොඩ් කරල ඉන්ස්ට්‍රෝල් කරල. සොෆ්ට්වෙයාර එක ඕපන් කරන්න. ඊට පස්සෙ Wi-Fi Name කියන තැනට ඔයාල හදන්න යන වයිෆයි නෙට්වර්ක් එකට කැමති නමක් දාන්න. ඊට පස්සෙ Password කියන තැනට වයිෆයි නෙට්වර්ක් එකට ලොග් වෙද්දි දෙන්න පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එකක් දෙන එක අනිවාර්යයි. Share Net From කියන තැනින් ඔයාගෙ කොම්පියුටර් එකෙන් ඔයා ඉන්ටර්නෙට් යනවනම් අනිත් අයටත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ශෙයාර් කරන්න පුලුවන්. Maximum Peers කියන තැනින් ඔයා හදන නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න පුලවන් උපරිම කම්පියුටර්ස් ගාන දෙන්න. එත්න්ට ඔයා කැමති ගානක් දෙන්න පුලුවන්. ඒ ටික හදල Start කියන බටන් එක ක්ලික් කරාම නෙට්වර්ක් හැදෙනව. ඊට පස්සෙ වයිෆයි තියෙන කම්පියුටර්ස් වලින් සමාන්‍ය විදිහට වයෆයි කනෙක්ට් වෙනව වගේම ඔයා හදපු නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න පුලවන්.
Clients-Connected කියන එකට ගියාම ඔයාගෙ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙච්ච අයගෙ අයිපී ඇඩ්රස් සහ මැක් ඇඩ්රස් බලාගන්නත් පුලුවන්.
එහෙනම් පහල තියෙන ලින්ක් එක ක්ලික් කරල ඩවුන්ලොඩ් කරගන්න. මොකක්හරි ප්‍රශ්නයක්නම් කමෙන්ට් එකක දාන්න. අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාල යන්නත් අමතක කරන්න එපා. ජය වේවා.




0 comments:

Post a Comment