Follow Me on Facebook

Wednesday, October 29, 2014

All Player


ගුඩ් මොර්නින්ග් කිව්ව හැමෝටම. අද මම කියන්න යන්නෙ මීඩියා ප්ලෙයර් එකක් ගැන. මේකෙ නම තමයි All Player. මේකෙ ගොඩක් වාසි තියෙනව. ඒ කියන්නෙ අපි ෆිල්ම් එකක් බල බල ඉන්න ගමන්ම සබ් හොයාගන්නත් පුලුවන්. හැබැයි ඉංග්‍රීසි ඒව ඈ. ඔයාල ඉංග්‍රීසි දන්නව කියල මම දන්නවනෙ. මේ ප්ලෙයර් එක පීසී වලට විතරක් නෙමේ ඇන්ඩ්‍රොයිඩ් වලටත් තියෙනව. ඒවගේ මේ ප්ලෙයර් එක ගහන ආයතනෙන් තවත් සොෆ්ට්වෙයාර් නිකුත් කරල තියෙනව. කන්වර්ටර්ස් වගේ.

Monday, October 27, 2014

Upcoming PC Games


හොදයි මම අද කියන්න යන්නෙ මේ අවුරුද්දෙ නොවැම්බර් දෙසැම්බර් දිහා එන්න තියෙන ගෙම්ස් 10ක් ගැන. දහයකට වඩා එන්න තිබ්බත් තෝරල බේරලා හොද ගෙම්ස් සෙට් එක ගැන තමයි කියන්න යන්නෙ. මොකද මෙලෝ රහක් නැති ගෙම් සෙට් එකකුත් තියෙනව එන්න. අම්මප ඒවනම් මොනාට ගහනවද මන්ද. කොහොම උනත් නොවැම්බර් දෙසැම්බර් දිහාට සුපිරි ගෙම්ස් සේට් එකක් එන්න තියෙනව කියල කට්ටිය දැනටමත් දන්නව ඇතිනෙ. බලමු එහෙනම් මොනාද මේ ගේම් සෙට් එක කියල.

Sunday, October 26, 2014

LAN Messenger


මේක ටිකක් වෙනස් සොෆ්ට්වෙයාර් එකක්. වෙනස් කිව්වට ඉතින් එහෙමටම වෙනස් එකකුත් නෙමේ. මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපිට පුලුවන් LAN Network එකක කනෙක්ට් වෙලා ඉන්න අයත් එක්ක ලේසියෙන්ම චැට් කරන්න. ඒ සදහා මේ සොෆ්ට්වෙයාර් එක හැම පරිගණකයකම ඉන්ස්ට්‍රෝල් කරල තියෙන්න ඕන. හරිම පොඩි සොෆ්ට්වෙයාර් එකක්. හිතන්න ඔයා එහා පැත්තෙ ගෙදර යාළුවත් එක්ක වයිෆයි මගින් කනෙක්ට් වෙලා ඉන්නව කියල. ඉන්ටර්නෙට් අවශ්‍ය වෙන්නෙ නැතුවම කිසිම ප්‍රශ්නයක් නැතුව චැට් කරන්න පුලවන්. 

Saturday, October 25, 2014

Online Storage ලබා දෙන වෙබ් අඩවි.


කට්ටියටම හලෝ කිව්ව ඕන්. මම මේ කියන්නෙ ඔයාලට පොඩ්ඩක් විතර වැදගත් වෙන වැඩක් ගැන. ගොඩ දෙනෙක් මේ වැඩේ දැනටත් භාවිතා කරනව. නමුත් නොදන්න අයත් ඇති. මම කියන්න යන්නෙ Online Storage ලබා දෙන ප්‍රසිද්ද වෙබ් අඩවි කිහිපයක් ගැන. මේ හැම වෙබ් අඩවියකම එකිනෙකට වෙනස් උනු ලක්ෂන තියෙනව. ඒ වගේම මේ වෙබ් අඩවි වල විශේෂයෙන් අපිට වැදගත් වෙන ෆ්‍රී දෙන ස්පේස් එක :D එකිනෙකට වෙනස්. කොහොම උනත් මේ වෙබ් අඩවි හැම එකක් අපිට වැදගත් වෙන ෆයිල්ස් ගබඩා කරල තියන්න පුලුවන්. පසු කාලයකදී ප්‍රෙයෝජනයට ගැනීම සදහා ගබඩා කරල තියන්න පුලුවන්.

Windows 8 Style Blogger Templates


මේ පාර දෙන්න යන්නෙ බ්ලොග් අඩවි කරන අයට වැදගත් දෙයක්. ඒ තමයි Windows 8 Style එකට හදපු Blogger Templates දෙකක්. ඇත්තටම ඒ වගේ Templates දෙකකට වඩා තියෙනව. නමුත් මේ දෙක තමා හම්බුන හොදම Templates දෙක. අත්හදා බලල තියෙන්නෙ 100%ක් සාර්ථකයි. දැන් අහන්න එපා ඇයි එහෙනම් මම දැම්මෙ නැත්තෙ කියල. හේතුව තමා මගෙ බ්ලොග් එකට ඒ වගේ එකක් ගැලපෙන්නෙ නෑ කියල හිතුන එක. හැමෝම එක වගේ සයිට් නෙමේනෙ කරන්නෙ ඒක හින්ද මේක අරගෙන බලන්න. හරියටම වැඩ කරන හැටි බලන්න ලයිව් ඩීමෝ දීල තියෙනව.

Friday, October 24, 2014

Mobile Partner New Version for Windows and Linux


බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කලා. ඉතින් අලුත් ටෙම්ප්ලේට් එකකුත් දාලා තියෙන වෙලේ අලුත් සොෆ්ට්වෙයාර් එකකුත් දැම්මෙ නැත්නම් වැඩක් නෑනෙ. ඉතින් මම මේ දෙන්න යන්නෙ ටිකක් විතර අලුත් සොෆ්ට්යොර් එකක්. ගොඩක් කට්ටිය දන්න වගේම ගොඩක් කට්ටිය පාවිච්චි කරන මෘදුකාංගයක්. Mobile Partner කියන්නෙ ගොඩ දෙනෙක් ඩොන්ගල් වලින් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න භාවිතා කරන මෘදුකාංගයක්. අද මම දෙන්න යන්නෙ Mobile Partner වල අලුත්ම වර්ශන් එක. ඒ කියන්නෙ Mobile Partner Version 23.009.09.02.910. 
මේ අලුත් වර්ෂන් එක අලුත් ඉන්ටර්ෆේස් එකකින් වගේම අලුත් වැඩ කෑලි වලිනුත් හැදුන එකක්. පරණ වර්ෂන්වල තිබ්බ වගේම කෝල් පහසුකමත් තියනව. ඒ වගේම තමයි WiFi hotspot එකක් හදන්නත් මේ අලුත් Mobile Partner එකෙන් අවස්තාව සලසල දෙනව.

Free Software Download කරන්න සුපිරි Websites සෙට් එකක්.



ඔන්න මම කට්ටියට අද පොඩි වෙබ් සයිට් සෙට් එකක් අරන් ආවා. පොඩි කිව්වට පොඩි නෙමේ. Free Software Download කරන්න දැනට තියෙන හොදම වෙබ් සයිට් සෙට් එක. මේ වෙබ් සයිට් දිනපතාම අප්ඩේට් වෙනව. Free ගන්න පුලුවන් ඕනම සොෆ්ට්වෙයාර් එකක් ලේසියෙන්ම මේ සයිට් වලින් හොයාගන්න පුලවන්. ඒ වගේම තමයි වයිරස් නැති ගොඩක් විස්වාසවන්ත වෙබ්සයිට් ටිකක්.

Thursday, October 23, 2014

Google Hangout


කට්ටියටම සුභ දවසක්. මම අද කියන්න යන දේ ටිකක් ප්‍රසිද්ද නමුත් ගොඩ දෙනෙක් දන්නෙ නැති පාවිච්චි කරන්නෙ නැති වැඩක්. හැමෝම වගේ දන්නවනෙ Google+ ගැන. ඒ වගේම ගූගල් ප්ලස් වල තියෙන චැට් එක ගැනත් දන්නව ඇතිනෙ. මේ කියන්නෙ ඒ දේ ගැන තමයි. ගූගල් ඊ මේල් එකක් හෙවත් g mail එකවුන්ට් එකක් හදද්දි ගූගල් ප්ලස් එකවුන්ට් එකකුත් නිකන්ම හැදෙනව. මම මේ දෙන්න යන සොෆ්ට්වෙයාර් එක ඩෙක්ස්ටොප් එකට එන පොඩි ඇප් එකක්. ඒ වගේම තමයි මේක ගූගල් ක්‍රෝම් ඇප් එකක්. හැබැයි ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක ක්ලෝස් කලත් මේක වෙනම ඩෙස්ක්ටොප් එකේ වැඩ කරන්න පුලුවන්. ගූගල් ප්ලස් වල ඉන්න අය එක්ක හරිම ලේසියෙන් චැට් කරන්න පුලවන්. ග්‍රෘප් චැට් කරන්නත් පුලුවන්. 

Wednesday, October 22, 2014

වයිෆයි වලින් කොම්පියුටර්ස් කනෙක්ට් කරමුද?


කතා දෙකක් නෑ වයිෆයි තියෙන ලැප්ටොප් තියෙන අය මේක ගැන දන්නව ඇති. මේකෙන් වෙන්නෙ අපේ කම්පියුටර් එකේ තියෙන වයිෆයි භාවිත කරල Virtual WiFi Network එකක් හදනව. එතකොට වයිෆයි තියෙන අනෙක් කම්පියුටර්ස් වලට අපේ කම්පියුටර් එකට ලෑන් විදිහට සම්බන්ද වෙන්න පුලුවන්. නෙට්වර්ක් කේබල්ස් භාවිතා කරන්නෙ නැතුව ලෑන් විදිහට සම්බන්ද වෙන්න පුලුවන්. ඒ වගේම සැලකිය යුතු දුරක් මේ ෆයි සිග්නල් එක පැතිරෙනව. ඇති තරම් කම්පියුටර්ස් වලට කනෙක්ට් වෙන්නත් පුලුවන්. මේ වැඩේ සොෆ්ට්වෙයාර් එකක් නැතුවත් කරන්න පුලුවන්. නමුත් මේ විදිහට කරද්දි වැඩේ ලේසියි පහසුයි කිසි කරදරයක් නෑ.