Follow Me on Facebook

Sunday, June 30, 2013

ලොකු ලොකු ෆයිල් යවන්න පට්ට සයිට් එකක්.


අපි ගාව තියෙන මොකක්හරි ෆයිල් එකක් කාටහරි යවන්න ගියාම වෙලාවකට පිස්සු හැදෙනවා. ඉ-මේල් එකට ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න ගිහාම ඔක්කොටම හපන්. මම මේ කියන්න යන්නෙ 2GB ප්‍රමාණයේ හෝ ඊට වඩා අඩු ප්‍රමාණයේ ෆයිල් ලේසියෙන්ම වෙන කෙනෙකුට යවන්නෙ කොහොමද කියල. අපි ඒකට ඒවගේ වැඩ වලටම හදල තියෙන වෙබ් සයිට් එකක් භාවිතා කරමු.
මේ සයිට් එක Wetransfer කියලයි හදුන්වන්නෙ. මුලින්ම පහල ලින්ක් එක ක්ලික් කරල සයිට් එකට යන්නකෝ.


අපිට මේකෙ free යවන්න පුලුවන් 2GB වෙනකන් ෆයිල් විතරයි. ඊට වඩා වැඩි ෆයිල් යවන්න සල්ලි දීල රෙජිස්ටර් වෙන්න ඕන. ඒ වැඩේ අපිට කරන්න බෑනේ. ඒක හින්ද 2GB වලින් අපි උපරිම ප්‍රයෝජනේ ගමු නේද? මේ සයිට් එකට ගිහාම පහල තියන විදිහට පෙනෙයි.


එකේ දකුණු පැත්තෙ තියන ෆෝම් එක මුලින්ම පුරවන්න ඕන. ඒක පහල කියල තියෙන විදිහට පුරවන්න.

  • Add files කියල තියන බට්න් එක ක්ලික් කරල එන වින්ඩෝ එකෙන් අපි යවන්න ඕන ෆයිල් තොරල දෙන්න ඕන. උපරිම සීමාව 2GB වෙනකන් විතරයි. 2GB වෙනකන් ෆයිල් කිහිපයක් ඇඩ් කරන්න පුලුවන්.
  • Friend's email කියල තියෙන තැන අපි ඇඩ් කර ගත්තු ෆයිල් එක යවන්න ඕන කරන කෙනාගේ හෝ කිහිප දෙනාගේ මේල් ඇඩ්‍රස් ඇතුලත් කරන්න ඕන. කිහිප දෙනෙකුට එක පාර ෆයිල් එක යවන්න පුලුවන්.
  • Your email කියන තැන අපේ ඉ-මේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්න ඕන.
  • Message කියන තැන අපි යවන ෆයිල් ගැන හරි අපි යවන කෙනාට කියන්න ඕන දේ හරි ටයිප් කරන්න ඕන.
  • අන්තිමට Transfer කියල තියෙන බට්න් එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ අපි දුන්න ෆයිල් සෙන්ඩ් වෙන්න පටන් ගන්නව. ඒක සෙන්ඩ් වෙද්දි දකුනු පැත්තෙ තියන ෆෝම් එක පහත පින්තූරෙ වම් පැත්තෙ තියන වින්ඩෝ එක වගේ වෙනස් වෙනවා.. ඒක 100%ක් වෙනකන් ඉන්න ඕන. ඊට පස්සෙ දකුණු පැත්තෙ තියන වින්ඩෝ එක වගේ Transfer Complete කියල වැටෙනව. පස්සෙ ෆයිල් එක සාර්තකව සෙන්ඩ් උනාද නැද්ද කියල අපිට මේල් එකකුත් එනව.




මේ සයිට් එකේ තියෙන විශේෂත්වය තමයි සමාන්‍ය මේල් සර්විස් එකකට වඩා වේගවත් වීම. එහෙනම් ඔයාලත් වැඩේ කරල බලන්නකෝ.

වැඩේ හොදනම් කමෙන්ට් එකක් කොටල යන්නත් අමතක කරන්න එපා. කස්ටියම ජයෙන් ජයම වේවා.


0 comments:

Post a Comment