Follow Me on Facebook

Saturday, September 1, 2012

Delete An undeletable File - ඩිලීට් කොරන්න බැරි ෆයල් ඩිලීට් කොරමු



ආහා කස්ටිය. කොහොමද ඉතින්. අප්පේ මටනම් එපා වෙලා තියෙන්නෙ. සදුදා ආයෙ ස්කෝලෙ පටන් ගන්නවනේ. නිමාඩුව ගියා නිකන් මොකද්ද වගේ. හරි ඒවගෙන් වැඩක් නෑ නෙව. ඔන්න ඉතින් මම ඔයාලට පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්ට කියල ලෑස්ති උනේ. ඔය කොම්පියුටරේම එල්ලිලා ඉන්න අය වෙලාවකට මොකක් හරි ජල්තර වැඩක් කරන්න ගිහින් ඩිලීට් කොරල අයින් කරන්න බැරි Undeletable File හදා ගන්නවා. ඉතින් ඕක ඩිලීට් කොරගන්න බැරුව සමහර කස්ටිය ඉතින් ඔට්ටු වෙනවා ලෝකෙ නැති වැඩ කරකර. ඔන්න මම අද කියල දෙන්න යන්නෙ ඩිලීට් කරන්න බැරි ෆයිල් කොහොමද ලේසියෙනම් ඩිලීට් කරන්නෙ කියල.
ඔය වැඩේ දන්න අයත් ඇති දන්නෙ නැති අය ඊටත් වඩා ඇති. මම මේක දාන්න හිතුවෙ මගෙ සමහර යාලුවෝ ඔය ඩිලීට් කොරන්න බැරි ෆයිල් ඩිලීට් කරන්න එක එක සොෆ්ටවැයර් බාගන්නව. මොනාටද එච්චර ඔට්ටු වෙන්නෙ. ඔයාල දන්නව ඇති නේද කොම්පියුටර් එකේ තියෙනවා Command Prompt කියල එකක්. ඔන්න ඕකෙන් තමා මේ වැඩේ කරන්න යන්නෙ. ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.

1.       Command Prompt එක ඔපන් කර ගන්න. ඒ සදහා Start menu එක තුල ඇති Run මත ක්ලික් කර cmd කියල ගහල එන්ටර් කරන්න. නැතන්ම් keyboard එකේ Windows button එක ඔබාගෙන “R” අකුර ඔබන්න එතකොට එන පොඩි වින්ඩෝ එකේ cmd කියල ටයිප් කරල එන්ටර් කරන්න.

2.       දැන් එකේ ඉස්සරහා ඔයලගේ ඩිලීට් කරන්න ඕන ෆයිල් එක තියෙන පාටිෂන් එක එහෙමත් නැත්නම් ඩ්‍රයිව් එක සදහන් කරන්න. උදාහරණයක් විදිහට. Local Disk (C:) එක නම් C: කියල ගහල එනටර් කරන්න Local Disk (D:) එක නම් D: කියල ගහල එනටර් කරන්න. Local Disk (E:) එකනම් E: කියල ගහල එන්ටර් කරන්න.

3.       දැන් ඔයාට ඩිලීට් කරන්න ඕන ෆයිල් එක තියෙන ෆොල්ඩර් එක තියෙන තැන අපි සදහන් කරන්න ඕන. ඒක තියෙන්නනෙ කෙලින්ම ඩ්‍රයිව් එකේ නම් ඉහත සදහන් කල විදිහට ඩ්‍රයිව් එක දුන්නනම් ඇති. ඩිලීට් කරන්න ඕන ෆයිල් එක තියෙන්නෙ ඩ්‍රයිව් එක ඇතුලේ තවත් ෆොල්ඩර් එකක් ඇතුලෙනම් ඒ ෆොල්ඩර් එක සදහන් කරන්න ඕන. ඒක කරන්නෙ මෙහෙමයි. cd C:\Folder\Folder\Folder ඔය කොඩ් එකේ  C: කියල තියෙන තැනට ඔබේ ඩ්‍රයිව් එකේ අකුර දාන්න Folder කියල තියෙන තැනට ඔයාට ඩිලීට් කරන්න ඕන ෆයිල් එක තියෙන ෆොල්ඩර් එක සදහන් කරන්න. එතන ඕන එක ෆොල්ඩර් එකයිනම් cd C:\Folder ඔය විදිහට ගහන්න. වැඩිපුර වැඩි කරන හැම ෆෝලඩර් එකටම අලුතින්  \Folder ඔය විදහට ෆොල්ඩර් එක ඇතුල් කරන්න. මතක තියා ගන්න Folder කියල මම දැම්මෙ උදාහරණෙට ඔයා ඒ තැන් වලට ඔයාටගේ ෆොලඩර් ඇතුල් කරන්න ඕනා.

4.       ඊට පස්සෙ del File name.File type ෆයිල් නේම් කියන තැන ඩිලීට් කරන්න ඕන ෆයිල් එකේ නේම් එක දෙන්න. del කියල තියෙන එක ගහල ස්පේස් එකක් තියල තමා File name එක සදහන් කරන්නේ ඊට පස්සෙ ඩොට් එකක් තියල ෆයිල් ටයිප් එක සදහන් කරන්න. ඒ කියන්නෙ .exe  .txt .bmp .jpg .avi  .mp3 වගේ දෙවල් උදාහරණයක් විදිහට del my.exe වගේ එකක් පෙන්නන්න පුළුවන්. ඒක ගහල Enter කරන්න එතකොට ඒ ෆයිල් එක ඩිලීට් වෙනවා.

ඔන්න ‍ඕක තමා කරන්න තියෙන්නෙ. හරියට තේරුනේ නැත්නම් කොමෙනට් එකක් දාන්න තේරුනත් කොමෙනට් එකක් දාන්න. යට තියෙන ෆෑස්බුක් ලයික් බටැන් එක ක්ලික් කොරල අපේ පේජ් එකට ලයික් එකකුත් දාල යන්න අමතක කරන්න එපා හොදේ.

0 comments:

Post a Comment