Follow Me on Facebook

Sunday, September 2, 2012

DDR1 2 3 RAM ලේසියෙන්ම හදුනාගමු

 ආ කස්ටිය ඔන්න මම පොඩි හාර්ඩ්වෙයාර් වැඩ කෑල්ලක් ගැන කියන්නයි යන්නනෙ. කට්ටිය අහල ඇතිනෙ රැම් එක ගැන. රැම් එක දන්නෙ නැති ගොන මොකාද නේද. හි හි. රැම් එක ගැන දන්නව උනාට හුගක් කට්ටිය DDR1, DDR2, DDR3 රැම් හරියට අදුන ගන්න දන්නෙ නෑ. ඉතින් කස්ටියට මම කියල දෙන්න යන්නෙ කොහොමද මේ රැම් වර්ග තුන හරියටම අදුන ගන්නෙ කියල. කස්ටියට ඔය උඩ තියෙන පින්තූරේ පේනව ඇතිනෙ. ඒ විදිහට අඩි බාගේ රූලක් අරගෙනත් ඔය විදහට ඕක අදුන ගන්න පුලුවන්. ඒ උනාට ඒක එච්චර සාර්ථක නෑ වගේ නේද. අඩිරූල් තිය තියා බලන්නෙ මොකටද. හරි ඕන්න මෙහෙමයි ඔය රැම් අදුන ගන්නෙ.


DDR1 රැම් වල තියෙන්නෙ ඍජුකෝණාස්‍රාකාර චිප් සෙට් එකක්. ඒ වගේම ඒවගෙ තුඩු හෙවත් පින් 184 කි. DDR1 රැම් අනිත් රැම් වර්ග දෙකෙන් වෙන් කරල අදුන් ගන්න ලේසියි. DDR2 රැම් වල තියෙන්නෙ චතුරස්‍රාකාර චිප්සෙට් එකක්. ඒ රැම් වල තුඩු හෙවත් පින් 240ක් තියෙනවා. ඒ වගේම DDR3 රැම් වලත් තියෙන්නෙ ඔය විස්තරේමයි. එකෙත් පින් 240 ක් තියෙනවා. ඒක හින්ද DDR2 සහ DDR3 රැම් පිටින් බලල අදුන ගන්න අමාරුයි. මේවා පිටින් බලල අදුන ගන්න තියෙන හොදම ක්‍රමය තමා ඒ රැම් වල අලවල තියෙන ස්ටීකර් එකේ තියෙන Bus Speed සටහන් කියවන එක.

සමාන්‍යයෙන් DDR1 Bus Speed 400 MHz වලට වඩා අඩුයි.
DDR2 Bus Speed 400 MHz - 800 MHz අතර තමා තියෙන්නෙ.
DDR3 Bus Speed 1033 MHz - 1600 MHz අතර අගයක් ගන්නව.

ඉතින් ඔය ස්ටිකර් එකේ තියෙන සටහන් කියවල ඒකෙ තියෙන MHz ගාන අනුව රැම් එක් මොකද්ද කියල හොයා ගන්න පුලුවන්. ඔන්න එහෙනම් දැන් කස්ටිය රැම් ටිකක් හොයාගෙන ට්‍රයි එකක් දීල බලන්න ඒව ටික අදුන ගන්න. හි හි. පොස්ට් එක හොදනම් කොමෙන්ට් එකකුත් කොටලම යන්න.
පොස්ට් එකට යටින් තියෙන ෆෑස්බුක් ලයික් බොක්ස් එකේ ලයික් බට්න් එක ක්ලික් කොරල අපේ පේජ් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ. එහෙනම් මම කැපුන ඕන්.

0 comments:

Post a Comment