Follow Me on Facebook

Friday, September 7, 2012

හරියට IP Address එක වෙනස් කරමුද?


ආ කස්ටිය කොහොමද ඉතින්. මටනම් ස්කෝලෙ ගිහින් එපා වෙලා තියෙන්නෙ. ඉතින් නිකන් ඉන්න එකේ බ්ලොග් එක පැත්තෙ ආවා පෝස්ට් එකක් දාල යන්ට කියල. මම අද කියන්න යන්නෙ අපේ අයි පී ඇඩ්රස් එක වෙනස් කරන හැටි. ඉන්ටර්නෙට් එන හුගක් අය දන්නවනේ අයි පී ඇඩ්රෙස් එක කියන්නෙ මොක්ද්ද කියල. ඉතින් කට්ටිය දන්නවනේ අපේ ලංකාවේ අයිපී ඇඩ්රස් එකකින් ගිහාම සමහර වෙඩ් සයිට් වලට යන්න බෑ කියල. ඉතින් ඒකට අපි අපේ අයිපී එක වෙනස් කරගන්න ඕන. එතකොට යන්න බැරි වෙබ් සයිට් වලට යන්න පුළුවන්. අම්මට හුඩු මෙන්න අපේ අම්ම කෑ ගහනව ඔතනින් නැගිටල පාඩම් කරන්නලු. එපා වෙනව අප්ප. හරි ඒකට කමක් නෑ. මම මේ වැඩේ කරන හැටි තියෙන ටෙක්ස් ඩොකියුමන්ට් එකක් ඔයාලට දෙන්නම්.

Tuesday, September 4, 2012

Check Drive හාඩ් ඩිස්ක් පරීක්ෂකය


හලෝ කස්ටිය කොහොමද ඉතින්. ස්කෝලෙ පටන් ගත්තු හින්ද බ්ලොගේට ඉන්නත් වෙලාවක් නෑ අප්ප. ඒකනම් කමන් නෑ කියමු. වැඩේ ඒක නෙමේනෙ. මම ස්කෝලෙ ගිහින් එන්නෙ 3ට විතර. ඉතින් හරියටම තුනට කරන්ට් එක කපනව. ඔක තමා දුකට කාරනේ. ආ අනම්මනම් කෑලිවලින් වැඩක් නෑ ආපු වැඩේට බහිමුකො. මම අද ඔයාලට දෙන්න යන්නෙ පොඩි සොෆට් වෙයාර් එකක්. මේකෙ නම තමා Check Drive. මේකෙන් කරන්නෙ අපේ හාඩ් එකේ තියෙන එක එක දොෂ හොයල බලල ඒව රෙපෙයාර් කොරන එක. සමහර වෙලාවට හාඩ් එකේ අවුල් හින්ද කොමිපියුටරේ හිර වෙන වෙලාවල් තියෙනවනෙ. ඉතින් ඒ වගේ දෙවල් වෙන එක අඩු කරගන්න පුලවන් මේක පාවිච්චි කරල.

Sunday, September 2, 2012

DDR1 2 3 RAM ලේසියෙන්ම හදුනාගමු

 ආ කස්ටිය ඔන්න මම පොඩි හාර්ඩ්වෙයාර් වැඩ කෑල්ලක් ගැන කියන්නයි යන්නනෙ. කට්ටිය අහල ඇතිනෙ රැම් එක ගැන. රැම් එක දන්නෙ නැති ගොන මොකාද නේද. හි හි. රැම් එක ගැන දන්නව උනාට හුගක් කට්ටිය DDR1, DDR2, DDR3 රැම් හරියට අදුන ගන්න දන්නෙ නෑ. ඉතින් කස්ටියට මම කියල දෙන්න යන්නෙ කොහොමද මේ රැම් වර්ග තුන හරියටම අදුන ගන්නෙ කියල. කස්ටියට ඔය උඩ තියෙන පින්තූරේ පේනව ඇතිනෙ. ඒ විදිහට අඩි බාගේ රූලක් අරගෙනත් ඔය විදහට ඕක අදුන ගන්න පුලුවන්. ඒ උනාට ඒක එච්චර සාර්ථක නෑ වගේ නේද. අඩිරූල් තිය තියා බලන්නෙ මොකටද. හරි ඕන්න මෙහෙමයි ඔය රැම් අදුන ගන්නෙ.

DUMeter - ඉන්ටර්නෙට් මීටරය


ආ මචංලා කොහොමද ඉතින්. හෆ්ෆේ පන්ති ගිහින් ඇවිත් පට්ට මහන්සී අප්ප. මම ඉතින් ඔය දවල්ට දපනෙ දාල නිදාගන්න ජාතියෙ පොරක් නෙමේ හින්ද නිදා ගන්න බෑ. ඉතින් නිකන් ඉන්නෙ නැතුව මට හිතුන කස්ටියට බ්ලොගයක් කොටන්න ඕන කියල. අනම්මනම් කතා වලින් වැඩක් වැඩේට බහිමුකෝ. මම මේ දෙන්න යන්නෙ පොඩි සොෆට්වැයර් කෑල්ලක්. මටත් මේක හම්බඋනේ මේ පත්තරේක තිබිල. හැමෝම පත්තර ගන්නෙ නෑ නෙව. ඒක හින්ද මම මේක දාන්නම්.
මේක අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරන හැටි පෙන්නන මීටරයක්. අපි ඉන්ටර්නෙට් යන්න ගත්තම ඉතින් නවත්තන්නෙ නෑ දවසෙම මූන කොම්පියුටරේ තියාගෙන ඉන්නවා. එතින් අපි කොච්චර ඉන්ටර්නෙට් යනවද කියල බලන්න හොද සොෆ්ට්වැයර් කෑල්ලක් තමා මේක. 

Saturday, September 1, 2012

Delete An undeletable File - ඩිලීට් කොරන්න බැරි ෆයල් ඩිලීට් කොරමු



ආහා කස්ටිය. කොහොමද ඉතින්. අප්පේ මටනම් එපා වෙලා තියෙන්නෙ. සදුදා ආයෙ ස්කෝලෙ පටන් ගන්නවනේ. නිමාඩුව ගියා නිකන් මොකද්ද වගේ. හරි ඒවගෙන් වැඩක් නෑ නෙව. ඔන්න ඉතින් මම ඔයාලට පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්ට කියල ලෑස්ති උනේ. ඔය කොම්පියුටරේම එල්ලිලා ඉන්න අය වෙලාවකට මොකක් හරි ජල්තර වැඩක් කරන්න ගිහින් ඩිලීට් කොරල අයින් කරන්න බැරි Undeletable File හදා ගන්නවා. ඉතින් ඕක ඩිලීට් කොරගන්න බැරුව සමහර කස්ටිය ඉතින් ඔට්ටු වෙනවා ලෝකෙ නැති වැඩ කරකර. ඔන්න මම අද කියල දෙන්න යන්නෙ ඩිලීට් කරන්න බැරි ෆයිල් කොහොමද ලේසියෙනම් ඩිලීට් කරන්නෙ කියල.