Follow Me on Facebook

Monday, August 6, 2012

ගූගල් ඩ්‍රයිව්


ඔන්න යාලුවනේ මම ගොඩ කාලෙකට පස්සෙ ආයෙත් ආව. හැබැයි ඔයාලට පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන ආවේ. මෙකට කියන්නෙ ගූගල් ඩ්‍රයිව් කියල. මේක පාවිච්චි කරන්න ඉන්ටර්නෙට් ඕනා. ගූගල් ඩ්‍රයිව් කියන්නෙ තොරතුරු ගබඩා කරන්නත්, ඒ තොරතුරු වෙනත් සේවා සමග සම්බන්ධ කරන්නත් පුලුවන් අලුත් වෙබ් සේවයක්. මේකෙ ෆයිල් සේව් කරන්නෙ ක්ලවුඩ්(cloud) ක්‍රමයට. ඒවා වෙනත් සේවාවන් සමග සම්බන්ධ කරන්නෙ සින්ක්(sync) ක්‍රමයට. මේකෙ අපිට නොමිලේ දෙන්නෙ 5GB ධාරිතාවක් විතරයි. ඊට වඩා ඕනෙනම් ඉතින් සල්ලි දීලා ගන්න වෙනව.
                                                    මේකෙදි මුලන්ම  ගූගල් ඩ්‍රයිව් වලට අදාල සොෆ්ට් වෙයාර් කෑල්ලක් තියෙනව ඒක බාගන්න ඔනා. හැබැයි මේ වැඩේට ජී මේල් එකවුන්ට් එකක් තියෙන්න ඕනා. මේ ලින්ක් එකට ගිහින් ජී මේල් ඇඩ්ඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි දීලා "Sign in" කියන බට්න් එක ක්ලික් කොරන්න ඕනා.මේකයි ලින්ක් එක www.drive.google.com 
                                 මේකට සයින් ඉන් උනාට පස්සෙ ඕපන් වෙන පේජ් එකේ "Download Google Drive for pc" කියල තියෙන බට්න් එක ක්ලික් කරන්න ඕනා. ඒක බාගෙන ඉවර වෙලා ඉන්ස්ටෝල් කලාම "Sign in to Google Drive" කියල බොක්ස් එකක් ඕපන් වෙනවා. එතන්ටත් ජීමෙල් එකයි පාස්වර්ඩ් එකයි දීලා සයින් ඉන් දෙන්න ඕනා. මේක පලවෙනි පාර සයින් ඉන් උනාම එන්නෙ "Getting Stared" කියල බොක්ස් එකක් ඕපන් වෙනවා. මේකේ පහල තියෙන "Next" බට්න් එක ක්ලික් කරන්න ඕනා. ඊට පස්සෙ එන බොක්ස් එකේ "Start sync" බට්න් එක ක්ලික් කරන්න ඕනා. ඊට පස්සෙ "My Document" ෆොල්ඩර් එකේ "Google Drive" කියල ෆෝල්ඩර් එකක් හැදෙනවා. ඒකෙ ෂෝට් කට් එකක් ඩෙස්ක්ටොප් එකටත් එනවා. මේ ෆෝල්ඩර් එක සින්ක් ෆෝලඩර් එකක්. ඒ හින්ද එකට දාන ෆයිල් ඉන්ටනෙට් කනෙක්ට් වෙලා නැති වෙලාවටත් භාවිතා කරන්න පුලුවන්. 
           මෙම සින්ක් ෆොල්ඩර් එකට ෆයිල් එකක් කොපි කලාම ඒක කෙලන්ම යන්නෙ කලින්ම දුන්න ලින්ක් එක සමග තියෙන ඕයාලගේ ගූගල් එකවුන්ට් එකටයි. ඒවා කොපි කරන්නෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති වේලාවක උනත් ආයේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරපු ගමන් අලුතෙන් කොපි කරපු ඒවා ගූගල් එකවුන්ට් එකට යනව. ඒක හින්ද ඕනා වෙලාවක ඒක පාවිච්චි කරන්න පුලුවන්. ඔන්න එහෙනම් වැඩේ කරලම බලන්නකෝ.

0 comments:

Post a Comment