Follow Me on Facebook

Friday, May 18, 2012

මොසිල්ලා ෆයර් ෆොක්ස් පොර්ටබල් එඩිෂන්



ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොර්ටබල් වෙබ් බ්‍රව්සර් එකක්. මේක හුගක්ම වැදගත් වෙන්නෙ කැෆේ වලින් හා වෙන යාලුවන්ගේ ගෙවල් වලින් හරි ඉන්ටර්නෙට් යන අයට. ඉතින් මෙහෙම පිට කොහේ හර තැනකින් ඉන්ටනෙට් ගියාම ඒ ස්ථානයේ අපි භාවිතා කරන වෙබ් බ්‍රවිසර් එකේ අපි ගිය වෙබ් සයිට් පිළිබදව සේව් වෙලා හිටිනවා. එතකොට අපි ගියේ මොකේටද කලේ මොනාද කියන එක ඒ පරිගණකය අයිති කෙනාට දැන ගන්න පුලුවන්. එහෙම නොවෙන්න නම් අපි ගිය ස්ථාන පිළිබදව තිය හිස්ට්‍රි ටික ඩිලීට් කරන්න වෙනවා එත කොට පරිගණකය අයිති කරුවාට වැදගත් වෙන හිස්ට්‍රි පවා ඉවත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරල අපිට පුලුවන් ඒ වගේ අපහසු තාවයන් මග හරවා ගන්න.
             මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න නම් අපිට පෙන් එකක් හරි එක්ස්ටර්නල් හාර්ඩ් එකක් හරි ඔනා වෙනවා. මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න වෙන්නෙ එවගේ පරිගණකයට පිටතින් සම්බන්ද කරන පෙන් එකක් වගේ දෙකට. මේ කාලේ පරිගණකයක් හෝ අන්තර්ජාලය භාවිතා කරන හුග දෙනෙක් ලග පෙන් ඩ්‍රයිව් එකක් තියන නිසා අවුලක් වෙන්නෙ නෑ. මේක පෙන් එකට හරි ඒ වගේ දේකට ඉන්ස්ටොල් කර ගත්තට පස්සේ අපිට පුලුවන් ඒ පෙන් එක වෙනත් අන්තරජාල සම්බන්ධතාවයක් තියන පරිගණකයකට සම්බන්ධ කරල අපේ පෙන් එකේ තියන ෆයර් ෆොක්ස් අයිකන් එක ක්ලික් කරල අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. එතකොට අපි යන කිසිම වෙබ් සයට් එකක හිස්ට්‍රි එකක් ඒ පරිගණකය තුල සේව් වෙන්නේ එක නිසා අපිට මුහුණ දෙන්න විවිද අපහසුතාවයන්ගෙන් බේරෙන්න පුලුවන් වෙනවා. එහෙනම් මෙකත් අත්හදා බලල හොදනම් කමෙන්ට එකක් දාන්නඅමතක කරන්න එපා හොදේ.

Download Now

0 comments:

Post a Comment