Follow Me on Facebook

Friday, May 18, 2012

දඩිබිඩියේ ඩවුන්ලොඩ් කරන්න ඕබිට් ඩවුන්ලොඩර්



ඉන්ටනෙට් වලින් විශාල ෆයිල් බාගන්න, ඩව්න්ලෝඩ් ඇක්සලරේටර් වර්ගයේ සොෆට්වෙයාර් එකක් ඕන වෙනවා. ඒක නිසාම වැඩි දෙනෙක් ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් භාවිත කරනවා කියල අපි හැමෝම දන්නවනේ. ඒ උනාට එකම විතරක් නෙමේ හොද ඩවුන්ලෝඩ් මැනේජර් එකකට කියල තියෙන්නේ. ඕබිට් ඩවුන්ලොඩර් කියන්නෙත් ඒවගේ එකක් තමා. ඉන්ටනෙට් ඩවුන්ලොඩ් මැනේජර් එකේ කරන්න පුලුවන් හැම වැඩක්ම මේකෙත් කරන්න පුලුවන්. වෙබ් ලිපිනයක් දීල බාගන්න, අතරමගදී නැවතුන් බාගත කිරීමක් අපහු අරභන්න, බාගන්න එක තාවකාලකව නවත්වල තියන්න, එහෙම නවත්වපු ඒව ආයෙත් බාගන්න, ලින්ක් එකකින් බාගන්න වගේ දේවල් ගොඩක් කරන්න පුලුවන්. විශේෂයෙන්ම යූටියුබ් වගේ වීඩියෝ තියන වෙබ් සයිට් එකක වීඩියෝ බලද්දි ඒ වීඩියෝ එක උඩට මවුස් එක ගෙනියපුවහම එතන getit කියල පොඩි මාර්ක එකක් වැටෙනවා එක උඩ ක්ලික් කලාම අපිට පුලුවන් ඒ වීඩියෝ එක බාගන්න. ඉතින් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ මැනේජර් භාවිත කරන ගමන් මේකත් පාවිච්චි කරල බලන්නකෝ. හොදනම් ඉතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා හොදේ. ඒ වගේම මොකක් හරි අවුලක් නම් ඒත් කමෙන්ට් එකක් දාන්න මම හෙල්ප් එකක් දෙන්නම්. එහෙනම් ඔන්න බාගෙනම බලන්නකෝ.

Download Now

0 comments:

Post a Comment