Follow Me on Facebook

Thursday, May 17, 2012

වෙබ් පිටු නොපෙන්වීමට හේතුව කියන එරර් මැසේජස්

අන්තර්ජාලය තුල වේබ් අඩවි පෙන්නන්නේ නැති වේලාවට එකට හේතු ලෙස එරර් මැසේජස් (error massage) මගින් වෙබ් අඩවියට නොයන හේතුව කියනවා. මේ මැසේජස් අපිට ලැබෙන්නේ අංකෙකුක් එක්කයි. මම අද ඔය ගොල්ලන්ට කියන්න යන්නෙ මේ අංකය භාවිතා කරල කොහොමද අපිට ලැබිල තියෙන පනිවිඩේ තේරුම් ගන්නේ කියල. හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ්බ්‍රව්සරය පාවිච්චි කරන නිසයි. පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජස් ලැබේන්නෙ අන්තර්ජාල සේවා සපයන සර්වර්වල ඇති වරදක් හෝ අන්තර්ජාල සම්බන්ධතාවයේ ඇති වරදක් නිසයි. එහෙනම් අපි බලමු මේ අංක වලින් කියන පණිවිඩේ මොකද්ද කියල.



  • 400 Bad request - මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාලය වෙතින් පරිශීලකයා  ඉල්ලා ඇති වෙබ් අඩවියට අදාල වෙබ් ලිපිනයෙහි යම් වරදක් තිබෙන බව හෝ වෙබ් ලිපින තීරුවෙහි ටයිප් කළ වෙබ් ලිපිනයට ගැළපෙන වෙබ් අඩවියක් මෙතෙක් අන්තර්ජාලය තුල ස්ථාපිත කර නොමැති බවයි. මෙවැනි පණිවුඩයක් ලැබුනු විට කළ යුත්තේ ටයිප් කර න ලද වෙබ් ලිපිනයෙහි නිවැරිදිතාව තහවුරු කර ගැනීමයි. විශේෂයෙන් මෙහි වෙබ් ලිපිනවලට අදාළ ඉලක්කම්, සංකේත ආදිය පිළිබද සැළකිලමත් විය යුතුය
  • 401 Unauthorized - මින් අදහස් කෙරෙන්නේ පරිශිලකයා ඇතුල් වීමට උත්සාහ දරන වෙබ් අඩවියට හෝ වෙබ් පිටුවට ඇතුල්වීමට අවසර නැති බවයි. මෙම වෙබ් අඩවිවලට ඇතුලු විය හැක්කේ පරිශීලකයාගේ තොරතුරැ අතුලත් කොට වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු ලැබෙන යූසර් නෙම් සහ පාස්වර්ඩ් යොදා ගැනීමෙනි
  • 403 Forbidden - මෙයින් අදහස් කරන්නේද පරිශීලකයා ඇතුලු වීමට උත්සාහ කරන වෙබ් අඩවියට හෝ වෙබ් පිටුවට ඇතුලු වීමට අවසර නැති බවයි. මෙහිදීද කල යුත්තේ වෙබ් අඩවියේ ලියා පදිංචි වී අවසර ලබා ගැනීමයි.
  • 404 Page not found - මින් කියවෙන්නේ පරිශීලකයා ඇතුලු වීමට උත්සාහ දරන වෙබ් අඩවියට හෝ වෙබ් පිටුවට සම්බන්ධ කිරීමේ යම් තාක්ෂණික අපහසුතාවක් පිළිබදවය. මෙවැනි අවස්ථාවලදී කළ යුත්තේ, පෙර සිටි වෙබ් පිටුව වෙත නැවත පැමිණ යළිත් අදාල වෙබ් අඩවිය හෝ පිටුව ඉල්ලුම් කිරීමයි. එසේ නැතිනම් වෙබ් පිටුව රීෆ්රෙෂ් කිරීමෙන්ද මෙම වරද නිවැරදි කර ගත හැක. තවද පරිශීලකයා විසින් වෙබ් ලිපනයක් ටයිප් කළ අවස්ථාවකදී මෙම එරර් මැසේජ් එක ලැබෙන්නේනම් වහා කල යුත්තේ වෙබ් ලිපිනය පරීකෂා කර බැලීමයි. වෙබ් අඩවියේ ලිපිනයෙහි යම් වෙනසක් කර තිබීම, වෙබ් අඩවියේ ඇතැම් වෙබ් පිටු මකා දමා තිබීම හෝ වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම වැනි හේතු නිසාද මෙම එරර් මැසේජ් එක ලැබිය හැක.
  •  408 Request time out - මෙම එරර් මැසේජ් එකෙන් කියවෙන්නේ වෙබ් ලිපිනය මත ක්ලික් කිරීමේදී පරිශිලකයා වෙතින් සිදු වන යම් ප්‍රමාද දොෂයකි. අන්තර්ජාලයේ ඇතැම් වෙබ් අඩවිවල ලිපින වෙත ක්ලික් කිරීමේදී යම් කාල පරාසයක් බලපාන අතර එවැනි අවස්ථාවලදී සිදුවන ප්‍රමාදයන් නිසා මෙම එරර් මැසේජ් එක ලැබේ. මෙහිදී කල යුත්තේ නැවත වරක් ක්ෂණිකව ක්ලික් කර, එම වෙබ් අඩවියට හො පිටුවට ඇතුලු වීමට උත්සාහ කිරීමයි.
  • 500 Server error - මෙම පණිවුඩය ලැබෙන්නේ අන්තර්ජාල සර්වර් වල ඇති යම් දෝෂයක් නිසාය. මේවා බොහෝ විට අන්තර්ජාල සේවා සපයන ආයතනවල පවත්වාගෙන යනු ලබන සර්වර්වල සිදුවන වැරදි නිසා ඇති වේ. එනිසා මෙහිදී කළ යුත්තේ, ටික වේලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ධ වීමට උත්සාහ කිරීමයි.
  • 502 Server overload - මෙයින් කියවෙන්නේ මෙම අවස්ථාව වෙන විට පරිශීලකයා භාවිතා කරනු ලබන සර්වර්වල කාර්යබහුලතාව වැඩි වී ඇති බව සහ එහි ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් පරිශීලකයන් පිරිසක් එකවර සර්වර්වලට සම්බන්ධ වී ඇති බවයි.  මෙහිදීද කල යුත්තේ ටික වේලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ධ වීමට උත්සාහ කිරීමයි.
  • 503 Service unavailable - මින් කියවෙන්නේ අන්තර්ජාල සේව සපයන්නාගේ (ISP - Internet Service Provider) සම්බන්ධතාවයේ යම් වරදක් හෝ ක්‍රියාවිරහිත වීමක් ඇතිව තිබෙන බවය. පරිශීලකයාගේ සම්බන්ධතාවය නතර කර දමා අවස්ථාවලදීද මෙම පණිවුඩය ලැබෙන අතර අන්තර්ජාල  සේව සපයන ආයතනයට දැන්වීමෙන් දෝෂය මහ හරවා ගන්නට පුලුවන.

ඔන්න මම ඔයාලට මගේ ගාව තියන මේ සම්බන්ධ විස්තර ඔක්කොම ටික දුන්නා. හොදනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදද. මේ වගේ පරිගණකයක් භාවිත කරද්දි ඔයාලට ඇති වන ගැටලු හා ඒවට විසදුම් මගෙ ගාව තියනවි මම ඒව ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. මේක හොදද නැද්ද කියල කමෙන්ට් එකක් දාන්න හොදේ.

0 comments:

Post a Comment