Follow Me on Facebook

Friday, May 25, 2012

ඔන්ලයන් ක්‍රමයට තම පරිගණකය වයිරස වලින් ආරක්ෂා කරගන්නා හැටි





ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද පරිගණකයක් ඔන්ලයන් ක්‍රමයට වයිරස් වලින් ආරක්ෂා කරගන්නෙ කියල. සමාන්‍යයෙන් පරිගණකයක ස්ථිරවම වයිරස් ගාර්ඩ් එකක් ඉන්ස්ටෝල් කරගෙන තමයි අපි පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කරගන්නෙ. ඊට අමතරව අපිටව පුලුවන් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන අවස්ථාවලදි නිකන් පිස්සු වැඩ කර කර ඉන්න වෙලාවේ ඔන්ලයන් ක්‍රමයට පරිගණකයේ වයිරස් තියෙනවද කියල බලන්න. හුගක් අය හිතයි අපි වයිරස් ගාර්ඩ් එකක් දාගෙන ඉන්න එකේ මොකටද මේව කියල. එහෙම හිතුවට යාලුවනේ අපි ගාව තියන විවිධ ෆයිල්ස් වලට වයිරස් රින්ගන වෙලාවල් තියෙනවා. ඒ උනාට එකේ වයිරස් තියනව කියල පෙන්නන්නෙ නෑ. හැබැයි අපි කොයිවෙලේක හරි මොනාහරි දේකට වයිරස් ගාර්ඩ් ඩිසේබල් කලොත් හරි ඩිසේබල් උනොත් හරි ටක් ගාල අර තියෙන වයිරස් එක රන් වෙනවා. ඒක අපි සැක හිතන මොනාහරි ෆයිල් එකක් මම දෙන මේ වෙබ් සයිට් එකකට අප්ලොඩ් කරල ඒකෙ වයිරස් තියෙනවද කියල බලන්න පුලුවන්. සමහර වෙබ් සයිට් වලට ෆයල් අප්ලොඩ් කරන්නෙ නැතුව තමයි ස්කෑන් කරන්න තියෙන්නේ. තමත වෙබ් සයිට් වලට අපිට ස්කෑන් කරන්න ඕනා කරන ෆයිල් එක ඉ-මේල් මගින් සෙන්ඩ් කරන්න ඕනා එතකොට එයාල අපිට කියනව වයිරස් තියනවද නැද්ද කියල. එහෙනම් පහල තියන සයිට් වලට ගිහින් බලන්නකෝ මම විස්තරත් එකක්ම දාල තියෙන්නෙ.




මෙහිදී පිරික්සුම් කටයුතු ඇරඹීමට පෙර කඩිනම් ඇඩ්ඔන් එකක් කම්පියුටරයේ ඉන්ස්ටෝල් කර ගැනීමට සිදුවෙයි. දැන් කරන්න තියෙන්නේ ඉහත දැක්වෙන වෙබ් අඩවියට ගොස් "Scan Now" බට්න් එක ක්ලික් කරල ඉන්ස්ටෝල් කරන්න එකග වෙන එකයි. එවිට පරිගණකය ස්කෑන් කර බලයි. පරිගණකයේ මතකයේ සැගවී තියෙන හානි කර වයිරස්, ට්‍රොජන්ස් හෝ වෙනත් අවශ්‍ය මෘදුකාංග ඇද්ද, නැද්ද යන්න එමගින් තහවුරු කර ගන්න පුලුවන්. මෙමගින් සම්පුර්ණ හාඩ් ඩ්‍රයිව් එකම ස්කෑන් කරන්නේ නෑ. එහෙත් පරිගණකයේ හානිකර මෘදුකාංග තිබේදැයි දැන ගැනීමට මෙය ප්‍රමාණවත්ය.

පැන්ඩා ඇක්ටිව්ස්කෑන් ක්‍රියාත්මක වෙන්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් හෝ ෆයර්ෆොක්ස් සමග පමණි. යම් හෙයකින් ඔබේ වෙබ් බ්‍රව්සරය ක්‍රෝම් නම් එහි "IE Tab Classic" එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටෝල් කර ගත යුතය.
මෙහිදී ඉහත සදහන් පැන්ඩා සිකියුරිටි වෙබ් අඩවියට පිවිස "Quick Scan" යන්න හෝ "Full Scan" යන්න සිලෙක්ට් කර "Scan Now" නම් බට්න් එක ක්ලික් කරන්න. පරිගණකයේ තියෙන්නෙ ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සර් එක නම් කුඩා එක්ස්ටෙන්ෂන් එකක් ඩවුන්ලෝඩ් කර ගන්න. ස්කෑනරය මගින් අදාළ වයිරස් ඩිෆිනිෂන් ෆයිල්ස් අප්ඩේට් කරගනී. ඉන්පසු ස්කෑන් කිරීම පටන් ගැනේ.

පරිගණකයේ ඇති බ්‍රව්සරය කුමක් උවත් එයින් බාධාවක් ඇති නොවන සේ පරිගණකය ස්කෑන් කිරීමට මෙමගින් පුලුවන. හවුස්කෝල් මගින් එසේ කරනු ලබන්නේ වයිරස් ස්කෑනරය කුඩා .exe ෆයිල් එකක් ලෙස අඩන්ගු කිරීමෙනි. පරිගණකයේ කිසියම් හානිකර මෘදුකාංගයක් ඇතැයි හැගුනු විට එය ක්‍රියාත්මක වේ.

පරිගණකයේ ජාවා ඉන්ස්ටෝල් කර ඇත්නම් හා ජාවා සක්‍රිප්ට් සක්‍රිය කර ඇත්නම් ඕනෑම වෙබ් බ්‍රව්සරයක් සමග එෆ්-සෙකියු ඔන්ලයින් ක්‍රියාත්මක වෙයි. ඉහත සදහන් වෙබ් අඩවියට පිවිස එහි ඇති "Run Chek" මත ක්ලික් කල විට ස්කෑනරය ක්‍රියාත්මක වෙයි. අවශ්‍යතාව අනුව "Quick Scan", "Full Scan" හෝ හරියටම අවශ්‍ය ආකාරයට පිරික්සුම් කටයුතු කෙරෙන "My Scan" තේරිය හැක.
ෆයිල් අප්ලොඩ් කිරීමට මෙන්ම යූආර්එල් සදහාද සහය දක්වන වයිරස් ටෝටල්, ජනප්‍රිය ඔන් ලයින් වයිරස් ස්කෑනරයකි. මෙහිදී අප්ලෝඩ් කිරීමක් කරන්නට පෙර සර්වරයේදී එම ගොනු පරික්ෂා කරයි මෙහිදී හොමු පේජයකිදී ෆයිල් අප්ලෝඩ් කිරීම මෙන්ම අවශ්‍ය ෆයල් එක එහි සබ්ජෙක්ට් ෆීල්ඩ් එකේ "SCAN" යයි සදහන් කර scan@virustotal.com ලිපිනයට ඉ-මේල් මගින් යැවීමටද පුලුවන. එහිදී අදාළ ස්කෑන් කිරීම සම්පූර්ණ කල විට එහි ප්‍රත්ඵලය ඉ-මේල් මගින් ආපසු දැනුම් දෙයි.

ජොටී ක්‍රියාත්මක වෙන්නේද මෙයට පෙර සදහන් කළ වයිරස් ටොටල් එකේ ආකාරයටය. විවිධ ඇන්ටිවයිරස් යාන්ත්‍රණ මගින් ෆයිල් පරික්ෂා කිරීම සදහා ජොටී වෙත මෙගාබයිට් 20 ක් දක්වා වූ ෆයිල්ස් යැවිට හැක. මෙහිදීද පළමුව "Choose File" සිලෙක්ට් කරන්න. අනතුරුව "Submit File" ඔප්ෂනය සිලෙක්ට් කළ යුතුය.

විශේෂයි - ඔබ මෙම වෙබ් සයිට් විලින් වයිරස් ස්කෑන් කරන්වාම් පහත් සදහන් උපදෙස් අනිවාර්යෙන්ම පිළපදින්න එසේ නොමැතිව යම් ප්‍රශ්නයක් සිදු වූව හොත් වග කියනු නොලැබේ
  •  ඉන්ටර්නෙට් පිරික්සද්දී අපගේ අනුදැනුමකින් තොරව එක්වරම මතුවන පොප්අප් වින්ඩෝවල, පරිගණකය තුළ වයිරස් තිබෙන් බව හා ඒවා ඉවත් කිරීම සදහා එම පොප්අප් වින්ඩෝවේ ඇති ලින්ක් එකක් ක්ලික් කරන මෙන් පැවසිය හැක. එහෙත් ඒවා වෙළද දැන්වීම් හෝ කිසියම් වර්ගයක වයිරසයක් විය හැකිය. මේ නිසා මොනම හේතුවක් නිසාවත් මෙම වයිරස් ගැන කියවෙන කිසම පොප් අප් වින්ඩෝවක් ක්ලික් නොකරන්න සමාන්‍ය ක්‍රියා පිලිවෙත අනුව  පරිගණකය ස්කෑන් කරනවා ඇරෙන්න වෙනත් කිසිම වයිරස් ගැන කියවෙන ලින්ක් ක්ලික් කරන්න එපා.

0 comments:

Post a Comment