Follow Me on Facebook

Tuesday, May 22, 2012

වින්ඩෝස් සෙවන් වලදී සොෆ්ට්වෙයා එකක් නැතුව සිංහල භාව්තා කරන හැටි

ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නේ වින්ඩෝස් සෙවන් වලදී විශේෂ සොෆ්ට්වෙයා එකක් නැතුව සින්හල භාවිතා කරන්නෙ කොහොමද කියල. ඒ සදහා මම කියන පිලිවෙලට ගිහින් වැඩේ කරගන්න.

1.මුලින්ම "Start Menu" එක තුලින් "Control Panel" වෙත යන්න
2."Control Panel" එක තුල දකුනු පස ඉහලින් ඇති "View by" කියන තැන "Category" යන්න තෝරන්න
3.ඉන් පසු එහි ඇති "Clock, Language and Region" යටතේ ඇති "Change Keyboard or other input methods" එක මත ක්ලික් කරන්න
4.එවිට මතුවෙන‍"Region and Language" නම් වින්ඩෝවේ "Change Keyboard" නම් බට්න් එක මත ක්ලික් කරන්න
5.එවිට විවෘත වන "Text service and input Languages" වින්ඩෝවේ එහලින් "Default" නමින් ප්‍රධාන භාශාවත්


පහලින් ඇති ලිස්ට් එකේ අනෙකුත් භාශාත් පෙන්වයි.
6.එහි ඇති "Add" බට්න් එක ක්ලික් කිරීමෙන් පසු එන ලිස්ට් එකෙන් "Sinhala (Sri Lanka)" යන්න මත ක්ලික් කර ඒ යටතේ ඇති සිංහල කී බෝඩ් එකක් සිලෙක්ට් කර "Ok" කරන්න
7.දැන් එම කී බෝඩ් එක ලිස්ට් එකට පැමිනෙනු ඇත. අවසානයේ "Apply" කර "Ok" කරන්න.
8.ඉන් පසු ඩෙක්ස්ටොප් එකේ ටාස්ක් බාර් එකෙහි නොටිෆිකේෂන් ඒරියා එක තුල "EN" නම් සදහනක් ලැබේ ඒ මත ක්ලික් කර එය "SI" ලෙස සැකසූවිට සින්හලෙන් වැඩ කල හැක.

වීශේෂයි
මෙම ක්‍රියාවලිය කිරීමෙන් පසු නොටිෆිකේෂන් ඒරියා එක තුල "EN" නමින් ඇතිවන සදහන "Language Bar" නමින් හදුන්වන අතර මෙම ක්‍රියාවලිය කිරීමෙන් පසු එම "Language Bar" එක නොලැබුන හොත් පහත සදහන් ක්‍රියවලිය අනුගමනය කරන්න.
1.ඉහත පරිදි "Text service and input Languages" යන වින්ඩෝව මතුවන තෙක් ඉහත සදහන් 5 වන පියවර දක්වා නැවත වරක් ක්‍රියාත්මක කරන්න
2. එහි අප භාශාව වෙනස් කලේ "General" යන ටැබ් එක තුලදීය. දැන් එහි ඉහලින් ඇති "Language Bar" යන ටැබ් එක මත ක්ලික් කරන්න.
3. එහි "Hidden" යන්න සිලෙක්ට් වී තිබේවි. එහි "Docked in the taskbar" යන්න සිලෙක්ට් කර "Apply" කර "Ok" කරන්න
4.ඉන් පසු  "EN" නම් සදහනක් සහිත "Language Bar" එක මතුවේවි එයි "SI" ලෙස සැකසූවිට සින්හලෙන් වැඩ කල හැක.

වැඩේ හරිනම් කමෙන්ට් එකක් දාලම යන්න.

0 comments:

Post a Comment