Follow Me on Facebook

Saturday, November 17, 2012

Safari for Windows

සුභ දවසක් ඔක්කෝටම. ඔයාල දන්නවනේ ඇපල් සෆාරි වෙබ් බ්‍රව්සර් එක ගැන. දන්නෙ නැත්නම් ඔන්න දැන් දැන ගන්න. මේක ඇපල් කොම්පියුටර් ඇපල් ෆොන් වලට එන බ්‍රව්සර් එකක්. ඔන්න දැන් ඒ බ්‍රව්සර් එක වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් වලට දාගන්න හැටි තමා මම කියන්න යන්නෙ. වැඩි දෙයක් කරන්න නෑ. පහල තියෙන ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරල බාගන්න. ඊට පස්සෙ එන ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්න.

Friday, November 16, 2012

The Amazing Spider Man

මෙන්න තවත් පට්ට ෆිල්ම් එකක්. ඔයාල දන්නවනේ. ස්පයිඩර් මෑන් අලුත්ම ෆිලම් එක තමා මේක. අනේ මන්ද ෆිල්ම් එක හොදයි ඒත් මටනම් එච්චර අල්ලල ගියෙ නෑ. හරි ඒවගෙන් වැඩක් නෑ ඔන්න පහල තියෙන ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කොරල බාගන්නකෝ. අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ.

The Avengers

තාමත් ඇවෙන්ජර්ස් බලපු නැති අය ඉන්නවද? එහෙනම් තවත් වෙලා ගන්නෙ නැතුව ඔන්න තියෙනව බලන එකයි තියෙන්නේ. මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. හැමෝම මේ ෆිල්ම් එක ගැන හොදට දන්නවනේ. ඔන්න එහෙනම් මම කැපුනා. ඔන්න මතක් කොරල අපේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාල යන්න හොදේ.

Monday, October 15, 2012

Nokia Suite

කස්ටියට සුබ දවසක් කිව්ව ඕන්. මෙන්න නොකියා (කියලා නෙමේ) ෆෝන් පාවිච්චි කොරන කස්ටියට නොකියා වලින්ම දෙන සොෆට්වැයර් එකක්. හුගක් කස්ටිය මේක ගැන දන්නවත් ඇති. කස්ටිය දන්නවනේ Nokia Pc Suite ගැන, හැබැයි මේ ඒක නෙමේ. මේක Nokia Suite නිකම්ම සුයිට්. නොකියා ෆෝන් එක කොම්පියුටරේට කනෙක්ට් කොරල. ඉන්ටර්නෙට් ගොහින් ෆෝන් එකට ලේසියෙන්ම සොෆ්ට්වැයර් බාගන්ටත් පුලුවන්. තව වැඩ ගොඩක් තියෙනව. ෆෝන් එකේ බැකප් එකක් දාන්න වගේ වැඩ ගොඩක්

Saturday, October 13, 2012

ජෙනී බැකප් මැනේජර් (Genie Backup Managr)


යාලුවනේ ඔන්න මම ගොඩ දවසකට පස්සෙ ආයෙත් ආව. පෝස්ට් එකක් දාන්නවත් වෙලාවක් නෑ දැන්. එච්චරටම වැඩ. වැඩ කියන්නෙ ස්කෝලෙ වැඩයි පන්තියි. මොනා කොරන්ඩත් ඒලෙවල් ගොඩ දාගන්ට එපැයි. හරි අනම් මනම් කතා වලින් වැඩක් නෑ. මම අද ඔයාලට දෙන්න යන්නෙ. බැකප් මැනේජර් කිව්ව ගමන් කට්ටියට තේරෙන්න ඇති මේ මොකද්ද කියල. මේක ඩේට බැකප් කරන සොෆට්වැයර් එකක්. මේක හුගක්ම වින්ඩෝස් වලට විතරක් සපෝට් කරන එකක්. කොහොමත් කට්ටිය වින්ඩෝස්නේ යූස් කරන්නෙ. මේකෙන් කොම්පියුටර් එකේ තියෙන ඩේටා විතරක් නෙමේ. ඊමේල් පවා බැකප් කරන්න පුලුවන්.

Friday, September 7, 2012

හරියට IP Address එක වෙනස් කරමුද?


ආ කස්ටිය කොහොමද ඉතින්. මටනම් ස්කෝලෙ ගිහින් එපා වෙලා තියෙන්නෙ. ඉතින් නිකන් ඉන්න එකේ බ්ලොග් එක පැත්තෙ ආවා පෝස්ට් එකක් දාල යන්ට කියල. මම අද කියන්න යන්නෙ අපේ අයි පී ඇඩ්රස් එක වෙනස් කරන හැටි. ඉන්ටර්නෙට් එන හුගක් අය දන්නවනේ අයි පී ඇඩ්රෙස් එක කියන්නෙ මොක්ද්ද කියල. ඉතින් කට්ටිය දන්නවනේ අපේ ලංකාවේ අයිපී ඇඩ්රස් එකකින් ගිහාම සමහර වෙඩ් සයිට් වලට යන්න බෑ කියල. ඉතින් ඒකට අපි අපේ අයිපී එක වෙනස් කරගන්න ඕන. එතකොට යන්න බැරි වෙබ් සයිට් වලට යන්න පුළුවන්. අම්මට හුඩු මෙන්න අපේ අම්ම කෑ ගහනව ඔතනින් නැගිටල පාඩම් කරන්නලු. එපා වෙනව අප්ප. හරි ඒකට කමක් නෑ. මම මේ වැඩේ කරන හැටි තියෙන ටෙක්ස් ඩොකියුමන්ට් එකක් ඔයාලට දෙන්නම්.

Tuesday, September 4, 2012

Check Drive හාඩ් ඩිස්ක් පරීක්ෂකය


හලෝ කස්ටිය කොහොමද ඉතින්. ස්කෝලෙ පටන් ගත්තු හින්ද බ්ලොගේට ඉන්නත් වෙලාවක් නෑ අප්ප. ඒකනම් කමන් නෑ කියමු. වැඩේ ඒක නෙමේනෙ. මම ස්කෝලෙ ගිහින් එන්නෙ 3ට විතර. ඉතින් හරියටම තුනට කරන්ට් එක කපනව. ඔක තමා දුකට කාරනේ. ආ අනම්මනම් කෑලිවලින් වැඩක් නෑ ආපු වැඩේට බහිමුකො. මම අද ඔයාලට දෙන්න යන්නෙ පොඩි සොෆට් වෙයාර් එකක්. මේකෙ නම තමා Check Drive. මේකෙන් කරන්නෙ අපේ හාඩ් එකේ තියෙන එක එක දොෂ හොයල බලල ඒව රෙපෙයාර් කොරන එක. සමහර වෙලාවට හාඩ් එකේ අවුල් හින්ද කොමිපියුටරේ හිර වෙන වෙලාවල් තියෙනවනෙ. ඉතින් ඒ වගේ දෙවල් වෙන එක අඩු කරගන්න පුලවන් මේක පාවිච්චි කරල.

Sunday, September 2, 2012

DDR1 2 3 RAM ලේසියෙන්ම හදුනාගමු

 ආ කස්ටිය ඔන්න මම පොඩි හාර්ඩ්වෙයාර් වැඩ කෑල්ලක් ගැන කියන්නයි යන්නනෙ. කට්ටිය අහල ඇතිනෙ රැම් එක ගැන. රැම් එක දන්නෙ නැති ගොන මොකාද නේද. හි හි. රැම් එක ගැන දන්නව උනාට හුගක් කට්ටිය DDR1, DDR2, DDR3 රැම් හරියට අදුන ගන්න දන්නෙ නෑ. ඉතින් කස්ටියට මම කියල දෙන්න යන්නෙ කොහොමද මේ රැම් වර්ග තුන හරියටම අදුන ගන්නෙ කියල. කස්ටියට ඔය උඩ තියෙන පින්තූරේ පේනව ඇතිනෙ. ඒ විදිහට අඩි බාගේ රූලක් අරගෙනත් ඔය විදහට ඕක අදුන ගන්න පුලුවන්. ඒ උනාට ඒක එච්චර සාර්ථක නෑ වගේ නේද. අඩිරූල් තිය තියා බලන්නෙ මොකටද. හරි ඕන්න මෙහෙමයි ඔය රැම් අදුන ගන්නෙ.

DUMeter - ඉන්ටර්නෙට් මීටරය


ආ මචංලා කොහොමද ඉතින්. හෆ්ෆේ පන්ති ගිහින් ඇවිත් පට්ට මහන්සී අප්ප. මම ඉතින් ඔය දවල්ට දපනෙ දාල නිදාගන්න ජාතියෙ පොරක් නෙමේ හින්ද නිදා ගන්න බෑ. ඉතින් නිකන් ඉන්නෙ නැතුව මට හිතුන කස්ටියට බ්ලොගයක් කොටන්න ඕන කියල. අනම්මනම් කතා වලින් වැඩක් වැඩේට බහිමුකෝ. මම මේ දෙන්න යන්නෙ පොඩි සොෆට්වැයර් කෑල්ලක්. මටත් මේක හම්බඋනේ මේ පත්තරේක තිබිල. හැමෝම පත්තර ගන්නෙ නෑ නෙව. ඒක හින්ද මම මේක දාන්නම්.
මේක අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරන හැටි පෙන්නන මීටරයක්. අපි ඉන්ටර්නෙට් යන්න ගත්තම ඉතින් නවත්තන්නෙ නෑ දවසෙම මූන කොම්පියුටරේ තියාගෙන ඉන්නවා. එතින් අපි කොච්චර ඉන්ටර්නෙට් යනවද කියල බලන්න හොද සොෆ්ට්වැයර් කෑල්ලක් තමා මේක. 

Saturday, September 1, 2012

Delete An undeletable File - ඩිලීට් කොරන්න බැරි ෆයල් ඩිලීට් කොරමු



ආහා කස්ටිය. කොහොමද ඉතින්. අප්පේ මටනම් එපා වෙලා තියෙන්නෙ. සදුදා ආයෙ ස්කෝලෙ පටන් ගන්නවනේ. නිමාඩුව ගියා නිකන් මොකද්ද වගේ. හරි ඒවගෙන් වැඩක් නෑ නෙව. ඔන්න ඉතින් මම ඔයාලට පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්ට කියල ලෑස්ති උනේ. ඔය කොම්පියුටරේම එල්ලිලා ඉන්න අය වෙලාවකට මොකක් හරි ජල්තර වැඩක් කරන්න ගිහින් ඩිලීට් කොරල අයින් කරන්න බැරි Undeletable File හදා ගන්නවා. ඉතින් ඕක ඩිලීට් කොරගන්න බැරුව සමහර කස්ටිය ඉතින් ඔට්ටු වෙනවා ලෝකෙ නැති වැඩ කරකර. ඔන්න මම අද කියල දෙන්න යන්නෙ ඩිලීට් කරන්න බැරි ෆයිල් කොහොමද ලේසියෙනම් ඩිලීට් කරන්නෙ කියල.

Friday, August 31, 2012

Best Keyboard Shortcuts - සුපිරි කීබොර්ඩ් ෂොර්ට් කට් සෙට් එකක්


ආ.... කොහොමද කස්ටියගෙ සැප සනීප. ඔන්න මම ඔයාලට සුප්ප වැඩක් අරගෙන ආව. අපි කොම්පියුටර් එකක් භාවිතා කරද්දි අපේ වැඩ පහසු කරගන්න. කීබොර්ඩ් ෂොර්ට්කට් භාවිතා කරනවානේ. ඕන්න මම ඔයාලට ඒ වගේ ඕන කරන සුපිරි ෂොර්ට් කට් ටිකක් අරගෙන ආවා. මේක බ්ලොගේ කොටන්න ගියොත් එහෙම මල කෙලියයි ජූලි හතයි. මට වෙනමුකුත් කරන්න වෙන්නෙ නෑ. ඒක හින්ද ඔන්න මම ඒ ෂෝට් කට් ටික ටික ටෙකස්ට් ඩොකියුමන්ට් එකක ටයිප් කරල ඔයාලට දෙන්නම් ඩවුන්ලොඩ් කොර ගන්න. මේකෙ හොද ෂෝට් කට් ගොඩාරියක් තියෙනවා. මේව දන්න අයත් ඇති. දන්නෙ නැති අයත් ඉන්නව නෙව. ඔන්න එහෙනම් බාගෙන බලහල්ලකෝ.

Yahoo Widget - යාහු ඩැස්ක්ටොප් ගැජෙට් සැට් එකක් ඔයාලගේ කොම්පියුටර් එකටත්


මෙන්න ඔයාලගේ කොම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකට ලස්සන ගැජට් සෙට් එකක්. මේක යාහු වලින් හදපු එකක්. මේක ගොඩක් වටින්නෙ වින්ඩෝස් එක්ස්පී භාවිත කොරන ඈයන්ට. විස්ට වලටත් හොදයි. සෙවන් වලටනම් මොන ගැජට්ද සෙවන් එකේ කොහොමත් ගැජට් තියෙනවනේ. ඒක හින්ද පිටින් ආයෙ දාන්න ඕනෙ නෑ. එක්ස්පී විස්ටා වගේ ගැජට් නැති ඔපරේටින් සිස්ටම් තියෙන අයට මේක පස්ට සොෆට් එකක් වෙයි. එහෙනම් ඔන්න බාගෙන බලහල්ලකෝ.

Thursday, August 30, 2012

CD Eject Software


ඔන්න යාලුවනේ මම ටික දවසකට පස්සෙ ආයෙත් ආව. ඔයාලට පොඩි සොෆ්ට්වැයර් කෑල්ලකුත් අරගෙන. පොඩි කියන්නෙ ගොඩක් පොඩි එකක්. මේකෙන් වෙන්නෙ අපි ඒ සොෆ්ට් එකට දෙන කී එක ප්‍රෙස් කලාම අපේ සීඩී රොම් එක එලියට එනවා. ඒක අර ලේසියට කරන්න තියෙන වැඩක්. ඒවගේම ආයේ ඒ අපි දීල තියෙන කී එක ප්‍රෙස් කලාම ආයෙ ඇතුලට යනව. නැත්නම් අපිට පුලුවන් එක ඇතුලට යන්න වේලවක් දෙන්නත්. ඒ හැම දෙයක්ම කරන්න ඕන ටාස්ක්බාර් එකේ එන අයිකන් එකේ සෙටින්ග්ස් වලට ගිහල්ල.

Monday, August 20, 2012

Folder Lock 7 with Crack


ආ සුභ දවසක් යාලුවනේ. ඔන්න මම පට්ට සොෆට්වැයර් කෑල්ලකුත් අරගෙන ආවා. ඔයාල දන්නවනේ ෆොල්ඩර් ලොක් සොෆට්වැයර් එක ගැන. ඉතින් ඔන්න මම අද ඔයාලට ෆොල්ඩර් ලොක් 7 ගෙනාව ක්‍රැක් එකත් එක්ක. ක්‍රැක් එක නැත්නම් සීරියල් කී එකත් තියෙනවා. දෙකෙන් ඕන එකක් දාගන්න තමා තියෙන්නෙ. හැබයි ඉතින් කස්ටිය දන්නවනේ ඔය ක්‍රැක් කලා වගේ හොර වැඩක් කොරල. ඉන්ටනැට් කොනෙක්ට් වෙලා ඔපන් කරපු දාට වෙන කෙලිය. ආය කතා දෙකක් නෑ සොෆට් වැයර් එක බ්ලොක් තමා. ඒක හින්ද ඔන්න හරි පරිස්සමින් පාවිච්චි කොරන්න ඕන. අප්ඩේට් කොරන්න එහෙම යන්න එපා. හරි වැඩි කතා ඕනෙ නෑ ඔයාල දන්නවනේ ඉතින් මේ වගේ සොෆට්වැයර් වලින් වැඩ කොරන්න. කවුරු නැතත් අපේ කොල්ලො ටිකනම්

Sunday, August 19, 2012

සෝෂල් නෙට්වර්ක් බ්ලොග් ගැජට් එකක් ඔයාගේ බ්ලොග් එකටත්

හෙලෝ ඔන්න මම ආවා. අද මම ඔයාලට ගෙනාවෙ ෆස්ට සෝෂල් නෙට්වර්ක් බ්ලොග් ගැජට් එකක්. මේක වැඩ කරන හැටි බලන්න ඕනෙනම් ඔන්න මගේ බ්ලොග් එකේ ඇති. I am with කියල පොඩි ගැජට් එකක්. ඒ මේක තමා. ඉතින් ඔයාලට කරන්න තියෙන දේ මම මුල ඉදන් කියල දෙන්නම්
  1. මුලින්ම ඔයාලගේ බ්ලේග් එකට ගැජට් එකක් දාන්න යන්න ඕනා තැන දන්නවනේ. Layout කියන තැන එතන්ට යන්න. 
  2. ඊට පස්සෙ Add a Gadget ක්ලික් කරන්න
  3. ඊට පස්සේ ඕපන් වෙන වින්ඩෝ එකේ HTML/Java Script කියන එක හොයල එක ක්ලික් කරන්න.
  4. ඊට පස්සෙ මම මේ දෙන කෝඩ් දෙකෙන් එකක් එතන්ට කොපි කරන්න
පලවෙනි Code එකේ අයිකන් සයිස් එක 64x64 ප්‍රමානෙ එකක්. ඒ ප්‍රමානෙට ඔනෙනම් මේ Code එක කොපි කරල HTML/Java Script එකට පේසට් කරන්න.

Saturday, August 18, 2012

Lost Watch Screensaver and Animated Wallpaper


ඔන්න යාලුවනේ මම ඔයාලට පස්ට සොෆට්වැයර් කෑල්ලක් අරගෙන ආවා. මේකෙ නම තමා Lost Watch 3D Screensaver. ස්ක්‍රීන්සවර් කිව්වට මේකෙ Animated Wallpaper එකකුත් තියෙනවා. ඒ කියන්නෙ වැඩකරන වොල්පේපර් එකකුත් තියෙනව. මේකෙ වොල්පේපර් එකේ වෙලාවත් ඇත්තටම කොම්පියුටර් එකේ සකස් කරල තියෙන වෙලවමයි. වෙලාවත් වැඩ කරනවා. ඔයාලට මේක ගැන හරියටම දැන ගන්න ඔනනම් පහත තියෙන වීඩියෝ එක බලල ඉන්නකෝ.

Friday, August 17, 2012

CheatBook DataBase 2012


ආ යාලුවනේ ඔන්න මම දවසේ දෙවනි පොස්ට් එකත් කොටන්න කියල කල්පනා කොලේ. ඉතින් ඔන්න මම ඔයාලට දෙන්න යනනේ මොකද්ද දන්නවද? නෑ නේ. CheatBook DataBase 2012 තමා මේකෙ නම. මේකත් පොඩි සොෆ්ට්වැයර් කෑල්ලක්. මේකෙ තියෙන්නෙ මොනාද කියලයි ඔන්න මම කියන්න යන්නේ. මේකෙ 2012 වෙනකන් ගහපු හුගක් ගේම්ස් වල පාස්වර්ඩ් තියෙනව. හුගක් කියන්නෙ ඔක්කොම වගේ තියෙනවා

The Expendables 2



ඔන්න යාලුවනේ මම ඔයාලට කිව්ව වගේම ඔන්න එක්ස්පෙන්ඩබ්ල් 2 අරගෙන ආවා. මම කස්ටියට කිව්ව නෙව මේකෙ පලවෙනි ෆිල්ම් එක බලන්ට දෙවෙනි එක ආවම දෙන්නම් කියල.

Thursday, August 16, 2012

Games Torrents / සුපිරි ගෙම්ස් වල ටොරන්ට් ටිකක්

ඔන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ පට්ටා ගෙම් ටිකක ටොරන්ට් ටිකක්. ටිකක් ලොකු ලොකු ගේම් ටිකක් තමා මෙතන තියෙන්නේ ඔන්න එහෙනම් ඔයාල බාගෙනම බලන්නකෝ.

 The Sims 3 Deluxe Edition 
System Requirements
 
Operating System:-            Widows XP (SP2), Widows Vista (SP1), Widows 7
Processor:-                       Intel Pentium IV processor with clock frequency of 2.0 GHz(XP) / 2.4
                                       GHZ (Vista/7)
Memory:-                         2 GB
Video Card:-                     3D-Graphics adapter with 512 MB, compatible with DirectX 9.0c
Sound Card:-                    Compatible with DirectX 9.0c
Free space on hard disk:-   23 GB + 3 GB in the folder "My Documents"


Wednesday, August 15, 2012

The Hunger Games


ඔන්න යාලුවනේ මම ඔයාලට සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. තාම ආපු නැති අලුතෙන් එන්න තියෙන ෆිල්ම් සෙට් එකක් තියෙනවා. ඒක එනකන් මේක බලන්නකෝ. මේකත් ලගදි ආපු සුපිරි ෆිල්ම් එකක්. ඔන්න එහෙනම් බාගෙනම බලන්නකෝ.


Download Torrent

Tuesday, August 14, 2012

වින්ඩෝස් 7 ජෙනියු කරමුද?


ඔන්න යාලුවනේ මම ඔයාලට අද පොඩි වැඩක් කියල දෙන්න යන්නෙ. සමහර අය වින්ඩෝස් 7 දාගෙන හිටියට ඒක ජෙනියු එකක් නෙමේ. එතකොට මොකද වෙන්නෙ, තිරේ කලු පාට වෙලා "This is copy of windows, not genuine" කියල කලු පාටට වැටෙනවා. එතකොට ගේම් එකක් ගහන්න බෑ එක පාරටම මිමයිස් වෙලා මැසේජ් එකක් එනවා. ඔය වගේ විකාර වෙද්දි ඉතින් අපිටත් තරහ යනවනෙ නේද. එහෙනම් ඔන්න ජෙනියු වෙලා නැති වින්ඩෝස් 7 තියෙන අය ඉන්නවනම් එයාලට ඒක ජෙනියු කරගන්න විදිහක් තමා මම මේ කියන්න යන්නෙ. මම ඔයාලට දෙනවා Windows 7 Loader එකක්. ඒක බාගෙන ඇක්ටිව් කලාට

Monday, August 13, 2012

The Expendables (ද එක්ස්පෙන්ඩබල්ස්)


ඔන්න යාලුවනේ මම ඔයාලට අද දෙන්න යන ෆිල්ම් එකනම් හුගක් අය බලල ඇති. එක්ස්පෙන්ඩබල්ස් කිව්ව ගමන් හුගක් අය ෆිල්ම් එකේ මුල ඉදන් අගට රග පාල පෙන්නයි. ඒත් මම අද මේ ෆිල්ම් එක දෙන්න හේතුවක් තියනව. ඒ මොකද්ද දන්නවද? මේ මාසේ 17 වෙනිදා, ඒ කියන්නේ අගෝස්තු 17 වන සිකුරාදා දින ද

Sunday, August 12, 2012

The Bourne Legacy


ඔන්න යාලුවනේ මම ඔයාලට අලුත් ෆිල්ම් එකක් ගෙනාවා. මේක රිලීස් වෙලා තියෙන්නෙ මේ මාසේ 10 වෙනිදා. ඒ කියන්නෙ අගෝස්තු 10. ඔන්න ඉතින් මම මේ ෆිල්ම් එකත් ඔයාලට දෙනවා. ඔන්න බාගෙනම බලන්නකෝ. ඔන්න ටොරන්ට් එකත් තියෙනවා. ඩිරෙක්ට් එකත් තියෙනවා.

Download Torrent
 
 
Download Direct

CPU Speed Pro (සීපීයූ ස්පීඩ් ප්‍රෝ)

ඔන්න යාලුවනේ මම ඔයාලට පොඩි සොෆ්ට් වෙයාර් කෑල්ලක් දෙන්නයි යන්නෙ. අපේ කොම්පියුටරේ ස්පීඩ් එකයි එකේ හාර්ඩ්වෙයාර් කොටස්වල විස්තරයි මේකෙන් දැනගන්න පුලුවන්. මේකෙන් අපිට අපේ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එකයි ඒක හදල තියෙන ආයතනේ සහ එකේ වෙලද ලාංඡනේ පවා බලා ගන්න පුලුවන්. සමහර උන්ගෙන් ඔබේ කොම්පියුටරේ රැම් එක කීයද? කියල ඇහුවම කියනව, දන්නෙ නෑ බන් කියල. ස්පීඩ් එක ඇහුවම එක දන්නෙත් නෑ. අඩුම තරමෙ කොම්පියුටර් එකේ වර්ගෙවත් දන්නෙ නෑ. සමහර උන් දාලා තියෙන ඔපරේටින් සිස්ටම් එක දන්නෙත් නෑ. මේකෙන් ඔපරේටින් සිස්ටම් එක බලන්න නම් බෑ

Friday, August 10, 2012

Moonrise Kingdom (මූන්රයිස් කින්ඩම්)


මචන්ලා ඔන්න මම මෙච්චර කාලයක් ෆිල්ම් දුන්නෙ නෑ නොවැ. හැබැයි ඕන් මම දෙවි පිහිටයි කියල මගේ බ්ලොග් එකේ පලවෙනි ෆිල්ම් එක දෙන්න යන්නෙ. එකත් ඉතින් එසේ මෙසේ එකක් නෙමේ, මේ දවස් වල ලෝකෙ ප්‍රසිද්දම ෆිල්ම් වලින් එකක්. මේකෙ නම ඉතින් අයෙ කියන්න ඕනෙ නෑනෙ, උඩින් තියෙනවනෙ.

වින්මෙන්ඩ් ෆයිල් කොපිං

ඔන්න මචන්ලා මම ඔයලට තවත් පොඩි සොෆට්වෙයාර් කෑල්ලක්. මේකෙ නම උඩින් තියෙනව නොවැ. කමක් නෑ අයෙ කියන්නම්කො. මේකෙ නම තමා වින්මෙන්ඩ් ෆයිල් කොපි. ඕන් නමින්ම ටිකක් හිතා ගන්න පුලුවන් මේ මොක්ද්ද කියල. වින්මෙන්ඩ් ෆයිල් කොපි කියන්නේ, වේගවත්ව ෆයල් කොපි කොරන්න පුලුවන් සොෆට් එකක්. අපි ඉතින් මොනාහරි කොපි කොරන්න ගියාම පැය ගානක් ඔට්ටු වෙනව නෙව. හැබැයි යාලුවනේ මේක පාවිච්චි කරන්ව නම් මේකෙ සෙටින් පොඩ්ඩක් බලලා හදා ගෙන පාවිච්චි කොරන්න

Monday, August 6, 2012

Alan Wake's American Nightmare


ඔන්න යාලුවනේ මම ඔයාලට පට්ට ගේම් එකක් දෙන්න යන්නෙ. එක්තරා අභිරහස් පුද්ගයෙකුගේ මෙහෙයවීම් මත අතුරුදහන් වන තම බිරිද සොයා යන නවකතා කරුවෙකු පිලිබද කියවෙන ගේම් එකක් තමයි මේක. මේකෙ නම තමයි ඇමෙරිකන් නයිට්මෙයා. මේකෙ කතා නායකයා ඇලන් වේක්.
        ඇලන් මේක් කියන්නෙ ත්‍රාසජනක කතා ලියන කෘතහස්ත නවකතාකරුවෙක්. අලුත් කතාවක් ලිවීමේ අරමුනින් ඔහු සිය බිරිද සමග වොෂින්ටන් නගරයට පැමිණේ. මෙසේ පැමිණ නවකතාව ලියමින් සිටින අතරතුර දිනක් ඔහුගේ බිරිද වන ඇලිස් අතුරුදහන් වේ. ඔවුන් නවාතැන් ගෙන සිටින්නේ වොෂින්ටන් නගරයෙන් තරමක් ඈත ප්‍ර‍දේශයකය. තමන්ගේ නවකතාව ලිවීම පසෙකලා ත්‍රාසජනක සිදුවීම් රැසකට මුහුණ දෙමින් ඇලන් තම බිරිද සෙවීමට දිවා රාත්‍රියේ වෙහෙස වේ. මේ අතරතුර ඔහුට ලැබුණු තොරතුරකින් කියවූනේ ස්ක්‍රෙච් නැමති අබිරහස් පුද්ගලයෙක් මීට සම්බන්ධ බවයි. එතැන් සිට ඇලන් තම බිරිද පිළිබද තොරතුරක් සොයා ගැනීමට එම පුද්ගලයා සොයා යයි.

ගූගල් ඩ්‍රයිව්


ඔන්න යාලුවනේ මම ගොඩ කාලෙකට පස්සෙ ආයෙත් ආව. හැබැයි ඔයාලට පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන ආවේ. මෙකට කියන්නෙ ගූගල් ඩ්‍රයිව් කියල. මේක පාවිච්චි කරන්න ඉන්ටර්නෙට් ඕනා. ගූගල් ඩ්‍රයිව් කියන්නෙ තොරතුරු ගබඩා කරන්නත්, ඒ තොරතුරු වෙනත් සේවා සමග සම්බන්ධ කරන්නත් පුලුවන් අලුත් වෙබ් සේවයක්. මේකෙ ෆයිල් සේව් කරන්නෙ ක්ලවුඩ්(cloud) ක්‍රමයට. ඒවා වෙනත් සේවාවන් සමග සම්බන්ධ කරන්නෙ සින්ක්(sync) ක්‍රමයට. මේකෙ අපිට නොමිලේ දෙන්නෙ 5GB ධාරිතාවක් විතරයි. ඊට වඩා ඕනෙනම් ඉතින් සල්ලි දීලා ගන්න වෙනව.

Sunday, June 10, 2012

ආතල් එකට පොඩ් ගේම් එකක් ගහමුද (Plants vs Zombies)


ඔන්න මචංලා මම අද දෙන්න යන්නෙ පොඩි ගේම් එකක්. මේක පොඩි උනාට මුන් දෙන්නෙ සල්ලිවලට. කොහොම හරි මට හම්බ උනා ටොරන්ට් එකක් ඒකෙ කවුරුහරි පින්වතෙක් ෆුල් එක දාල. මට පේන්නේ මු ෆුල් එක බාගෙන ඉන්ස්ටෝල් කරල තමා මේකට දාල තියෙන්නෙ. ඒක හින්ද අපිට ඉන්ස්ටෝල් කරන්න දේකුත් නෑ බාගෙන ගහන්න තමයි තියෙන්නෙ. ඔන්න මේ වගේ ගේම් ගහන්න ආසා කොරන අපේ උන්ට තමා මේක දාන්නෙ ගහල බලපල්ලකෝ. මේව තමයි නියම ආතල් ගේම් ඕන් හි හි. එච්චර ලොකුත් නෑ

Thursday, June 7, 2012

ෆෝමැට් ෆැක්ටරි කන්වටර්



ඔන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නෙ ටිකක් හොද වර්ගයේ කන්වටර් එකක්. මේකෙ නම තමා ෆොර්මැට් ෆැක්ටරි. මේකෙන් වීඩියෝ ඔඩියෝ විතරක් නෙමේ පින්තූරත් කන්වට් කරන්න පුලුවන්. එපා වෙනවා නේ. හුගක් අය නම් මෙක් ගැන දන්නවත් ඇති. අනේ මට උන්ගෙන් වැඩක් නෑ. මම මේක දෙන්නෙ

Wednesday, June 6, 2012

පහසුවෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කර ගත හැක අයිලිවිඩ් ඩවුන්ලෝඩ් මැනේජර්



හලෝ ඔන්න මම ගොඩ දවසකට පස්සෙ ආයෙත් අවා. මම අද ඔයාලට දෙන්න යන්නෙ අලුත්ම අලුත් ඩවුන්ලොඩ් මැනේජර් එකක්. මේකෙන් සුපිරියටම වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ඒ වගේම සොෆට්වෙයාත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. යු ටියුබ් විඩියෝ එහෙම ඉක්මනින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ වගේම තමයි යාලුවනේ මේක ගොඩාක් වේගවත් ඩවුන්ලෝඩ් මැනේජර් එකක්. මමත් අත්හදා

Friday, May 25, 2012

ඔන්ලයන් ක්‍රමයට තම පරිගණකය වයිරස වලින් ආරක්ෂා කරගන්නා හැටි





ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද පරිගණකයක් ඔන්ලයන් ක්‍රමයට වයිරස් වලින් ආරක්ෂා කරගන්නෙ කියල. සමාන්‍යයෙන් පරිගණකයක ස්ථිරවම වයිරස් ගාර්ඩ් එකක් ඉන්ස්ටෝල් කරගෙන තමයි අපි පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කරගන්නෙ. ඊට අමතරව අපිටව පුලුවන් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන අවස්ථාවලදි නිකන් පිස්සු වැඩ කර කර ඉන්න වෙලාවේ ඔන්ලයන් ක්‍රමයට පරිගණකයේ වයිරස් තියෙනවද කියල බලන්න. හුගක් අය හිතයි අපි වයිරස් ගාර්ඩ් එකක් දාගෙන ඉන්න එකේ මොකටද මේව කියල. එහෙම හිතුවට යාලුවනේ අපි ගාව තියන විවිධ ෆයිල්ස් වලට වයිරස් රින්ගන වෙලාවල් තියෙනවා. ඒ උනාට එකේ වයිරස් තියනව කියල පෙන්නන්නෙ නෑ. හැබැයි අපි කොයිවෙලේක හරි මොනාහරි දේකට වයිරස් ගාර්ඩ් ඩිසේබල් කලොත් හරි ඩිසේබල් උනොත් හරි ටක් ගාල අර තියෙන වයිරස් එක රන් වෙනවා. ඒක අපි සැක හිතන මොනාහරි ෆයිල් එකක් මම දෙන මේ වෙබ් සයිට් එකකට අප්ලොඩ් කරල ඒකෙ වයිරස් තියෙනවද කියල බලන්න පුලුවන්. සමහර වෙබ් සයිට් වලට ෆයල් අප්ලොඩ් කරන්නෙ නැතුව තමයි ස්කෑන් කරන්න තියෙන්නේ. තමත වෙබ් සයිට් වලට අපිට ස්කෑන් කරන්න ඕනා කරන ෆයිල් එක ඉ-මේල් මගින් සෙන්ඩ් කරන්න ඕනා එතකොට එයාල අපිට කියනව වයිරස් තියනවද නැද්ද කියල. එහෙනම් පහල තියන සයිට් වලට ගිහින් බලන්නකෝ මම විස්තරත් එකක්ම දාල තියෙන්නෙ.

Thursday, May 24, 2012

ඇඩ්වන්සඩ් සිස්ටම් කෙයාර් 5 ෆ්‍රී එඩිසන් එක"Pro" කරමුද?


ඔන්න මම අද ඔයාලට පොඩි හොර වැඩක් කරන හැටි කියල දෙන්නයි හදන්නෙ. සමාන්‍යයයෙන් ඇඩ්වන්සඩ් සිස්ටම් කෙයාර් ප්‍රෝ එඩිෂන් එක බාගන් සල්ල් ඕනා කියල හුගක් අය දන්නවනෙ. ඩොලර් 19ක් විතර වෙනවා. අපිට ෆ්‍රී එක බාගන්න පුලුවන් හැබැයි ටික කාලයක් යද්දි ඒක හොදට වැඩකරන්නෙ නෑ. ඉතින් ඒක හින්ද අපිට ප්‍රෝ එක ඕන වෙනවා. හැබැයි ඒක හුගක් අයට ගන්න බෑ. අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරන අයට නම් පුලුවන්. ඉතින් අපි ඔය වගේ වෙලාවට හොර වැඩක් කරන එක සමාන්‍ය දෙයක්නෙ. හරි එහෙනම් ඔන්න මම ඔයාලට කියල දෙන්න යන්නෙ මේක කොහොමද ප්‍රෝ කරන්නෙ කියල. හැම පියවරක්ම හොදට බලාගන්න මොකද නැත්නම් මේක කැන්සල් වෙන්න පුලුවන්. මොකද දන්නවද මම ඔයාලට දෙන්න යන්නේ

Wednesday, May 23, 2012

ඇන්ටි මැල්වෙයා ක්ලීනර්ස් - 2



ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ එක පාරක් මම දුන්න වගේ තවත් ඇන්ටි මැල්වෙයා ක්ලීනර්ස් එකක්. මේකට කියන්නෙ ඇඩ්-අවෙයාර් (Ad-Aware) කියල. බිලියනයකට අධික නරක වැඩසටහන් නැවැත්වීමේ හැකියාව ඇඩ්-අවෙයාර් සතුව තියනවා. මේක රූට් කිට් රිමූවල් තාක්ෂණය සහිත වැඩසටහනක්. එහෙනම් බාගෙනම බලන්නකෝ


Download Now

Tuesday, May 22, 2012

වින්ඩෝස් සෙවන් වලදී සොෆ්ට්වෙයා එකක් නැතුව සිංහල භාව්තා කරන හැටි

ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නේ වින්ඩෝස් සෙවන් වලදී විශේෂ සොෆ්ට්වෙයා එකක් නැතුව සින්හල භාවිතා කරන්නෙ කොහොමද කියල. ඒ සදහා මම කියන පිලිවෙලට ගිහින් වැඩේ කරගන්න.

1.මුලින්ම "Start Menu" එක තුලින් "Control Panel" වෙත යන්න
2."Control Panel" එක තුල දකුනු පස ඉහලින් ඇති "View by" කියන තැන "Category" යන්න තෝරන්න
3.ඉන් පසු එහි ඇති "Clock, Language and Region" යටතේ ඇති "Change Keyboard or other input methods" එක මත ක්ලික් කරන්න
4.එවිට මතුවෙන‍"Region and Language" නම් වින්ඩෝවේ "Change Keyboard" නම් බට්න් එක මත ක්ලික් කරන්න
5.එවිට විවෘත වන "Text service and input Languages" වින්ඩෝවේ එහලින් "Default" නමින් ප්‍රධාන භාශාවත්

Sunday, May 20, 2012

සොරාගත් පරිගණක සොයාගත හැකි ප්‍රේ (Prey) මෘදුකාංගය



ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ ඔයාලගේ පරිගණකය, ජංගම දුරකථනය, ටැබ්ලට් පරිගණකය, එහෙමත් නැත්නම් ඩෙක්ස්ටොප් පරිගණකය, කවුරැහර හොරකම් කලොත් ඒක හොයාගන්න පුලුවන් විදිහේ සොෆට්වෙයා එකක්. මේ සොෆට්වෙයා එක හදුන්වන්නේ ප්‍රේ (Prey) කියල. එක පැත්තකින් බැලුවොත් මේක වෙබ් සේවාවක් කියල කියන්නත් පුලුවන්. සමාන්‍යයයෙන් මෙහෙම පරිගණකයක් නැති උනොත් හොයා ගන්න හුගක් අමාරුයි කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. හැබැයි මේ සොෆට්වෙයා එක භාවිති කරල අපිට පුලුවන් අපෙන් හොරක්ම් කරපු ඒ උපාංගය අන්තර්ජාලයට සම්බන්ද කලොත් ලේසියෙන්ම ඒක

Friday, May 18, 2012

දඩිබිඩියේ ඩවුන්ලොඩ් කරන්න ඕබිට් ඩවුන්ලොඩර්



ඉන්ටනෙට් වලින් විශාල ෆයිල් බාගන්න, ඩව්න්ලෝඩ් ඇක්සලරේටර් වර්ගයේ සොෆට්වෙයාර් එකක් ඕන වෙනවා. ඒක නිසාම වැඩි දෙනෙක් ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් භාවිත කරනවා කියල අපි හැමෝම දන්නවනේ. ඒ උනාට එකම විතරක් නෙමේ හොද ඩවුන්ලෝඩ් මැනේජර් එකකට කියල තියෙන්නේ. ඕබිට් ඩවුන්ලොඩර් කියන්නෙත් ඒවගේ එකක් තමා. ඉන්ටනෙට් ඩවුන්ලොඩ් මැනේජර් එකේ කරන්න පුලුවන් හැම වැඩක්ම මේකෙත් කරන්න පුලුවන්. වෙබ් ලිපිනයක් දීල බාගන්න, අතරමගදී නැවතුන් බාගත කිරීමක් අපහු අරභන්න, බාගන්න එක තාවකාලකව නවත්වල තියන්න, එහෙම නවත්වපු ඒව ආයෙත් බාගන්න, ලින්ක් එකකින් බාගන්න වගේ දේවල් ගොඩක් කරන්න පුලුවන්. විශේෂයෙන්ම යූටියුබ් වගේ වීඩියෝ තියන වෙබ් සයිට් එකක වීඩියෝ බලද්දි ඒ වීඩියෝ එක උඩට මවුස් එක ගෙනියපුවහම එතන getit කියල පොඩි මාර්ක එකක් වැටෙනවා එක උඩ ක්ලික් කලාම අපිට පුලුවන් ඒ වීඩියෝ එක බාගන්න. ඉතින් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ මැනේජර් භාවිත කරන ගමන් මේකත් පාවිච්චි කරල බලන්නකෝ. හොදනම් ඉතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා හොදේ. ඒ වගේම මොකක් හරි අවුලක් නම් ඒත් කමෙන්ට් එකක් දාන්න මම හෙල්ප් එකක් දෙන්නම්. එහෙනම් ඔන්න බාගෙනම බලන්නකෝ.

Download Now

අනවශ්‍ය සොෆ්ට්වෙයාස් සම්පූර්ණයෙන්ම අන්ඉන්ස්ටෝල් කරන හැටි


වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලදී මොකක් හෝ සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරද්දී සමහර ෆයිල් නොයෙක් ස්ථාන වල තැන්පත් වෙනවා. එවගේම වින්ඩෝස් රෙජිස්ට්‍රියේ තියන විවිධ සැකසුම්ද ඒ සොෆ්ට්වෙයාර් එකට ගැලපෙන අකාරයට වෙනස් වෙනවා. රෙජිස්ට්‍රියට අලුතින් ෆයිල් එකතු වීමද මෙහිදී සිදු වෙනවා. නැවත එම සොෆ්ට්වෙයා එක අන්ඉන්ස්ටොල් කරද්දී හුගක් දුරට එම සෙටින්ස් වෙනස් නොවී ඒ විදහට තියනවා. ඒ වගේම සමහර වැදගත් නොවන ෆයල්ස් ඉවත් නොවී දිගටම පරිගණකය තුල පවතිනව. මේ විදිහට අපි සොෆ්ට්වෙයාර් ඉන්ස්ටොල් කරන විට නොවැදගත් ෆයිල්ස් විශාල වෂයෙන් පරිගණකයට එකතු වෙනවා. සමහර විට මාස කිහිපයක් තුලදී ගිගාබයිට් 4 ක 5 ක විතර මෙම ෆයිල්ස් එකතු වෙන්න

මොසිල්ලා ෆයර් ෆොක්ස් පොර්ටබල් එඩිෂන්



ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොර්ටබල් වෙබ් බ්‍රව්සර් එකක්. මේක හුගක්ම වැදගත් වෙන්නෙ කැෆේ වලින් හා වෙන යාලුවන්ගේ ගෙවල් වලින් හරි ඉන්ටර්නෙට් යන අයට. ඉතින් මෙහෙම පිට කොහේ හර තැනකින් ඉන්ටනෙට් ගියාම ඒ ස්ථානයේ අපි භාවිතා කරන වෙබ් බ්‍රවිසර් එකේ අපි ගිය වෙබ් සයිට් පිළිබදව සේව් වෙලා හිටිනවා. එතකොට අපි ගියේ මොකේටද කලේ මොනාද කියන එක ඒ පරිගණකය අයිති කෙනාට දැන ගන්න පුලුවන්. එහෙම නොවෙන්න නම් අපි ගිය ස්ථාන පිළිබදව තිය හිස්ට්‍රි ටික ඩිලීට් කරන්න වෙනවා එත කොට පරිගණකය අයිති කරුවාට වැදගත් වෙන හිස්ට්‍රි පවා ඉවත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරල අපිට පුලුවන් ඒ වගේ අපහසු තාවයන් මග හරවා ගන්න.

Thursday, May 17, 2012

වෙබ් පිටු නොපෙන්වීමට හේතුව කියන එරර් මැසේජස්

අන්තර්ජාලය තුල වේබ් අඩවි පෙන්නන්නේ නැති වේලාවට එකට හේතු ලෙස එරර් මැසේජස් (error massage) මගින් වෙබ් අඩවියට නොයන හේතුව කියනවා. මේ මැසේජස් අපිට ලැබෙන්නේ අංකෙකුක් එක්කයි. මම අද ඔය ගොල්ලන්ට කියන්න යන්නෙ මේ අංකය භාවිතා කරල කොහොමද අපිට ලැබිල තියෙන පනිවිඩේ තේරුම් ගන්නේ කියල. හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ්බ්‍රව්සරය පාවිච්චි කරන නිසයි. පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජස් ලැබේන්නෙ අන්තර්ජාල සේවා සපයන සර්වර්වල ඇති වරදක් හෝ අන්තර්ජාල සම්බන්ධතාවයේ ඇති වරදක් නිසයි. එහෙනම් අපි බලමු මේ අංක වලින් කියන පණිවිඩේ මොකද්ද කියල.

ඇන්ටි මැල්වෙයා ක්ලීනර්ස් - 1





පරිගණකයකට ආරක්ෂාව දෙන්න පුලුවන් විවිද ක්‍රම තියෙනවා. හොදම ක්‍රමේ තමා වෛරස් ගාර්ඩ් එකක් භාවිතා කිරීම. ඊට අමතරව අපිට පුලුවන් ඇන්ටි මැල්වෙයා ක්ලීනර්ස්  මගින් පරිගණකය වෛරස වලින් හා අනෙකුත් හානිකර මෘදුකාංග වලින් පරිගණකය ආරක්ෂා කරගන්න. මෙහිදී ඇති එක වාසියක් තමයි වෙනත් වෛරස් ගාර්ඩ් එකක් පරිගණකය තුල ක්‍රියාත්මක වෙමින් තිබෙත්දිම මෙම ඇන්ටි මැල්වෙයා ක්ලීනර්ස් එකකුත් ක්‍රියාත්මක කරන්න පුලුවන්. ඉතාමත් ජනප්‍රිය ඇන්ටි මැල්වෙයා ක්ලීනර්ස් කිහිපයක් තියෙනවා මම ඒ අතරින් එකක් ඔයාලට දෙන්නම්.

මේකට කියන්නේ මැකාෆි සයිට් ඇඩ්වයිසර්(McAfee Site Advisor) කියලා වෙබ් අඩවියෙක වෛරස් වගේ නරක වැඩ සටහන් තියෙනවනම මැකාෆි සයිට් ඇඩ්වයිසර් එක අපිට ඒ පිලිබදව දැනුම්දෙනවා. ඒක හින්දම අපිට පුලුවන් වෛරස් වගේ නරක වැඩසටහන් පරිගණකයට පැමිනීම අඩුකර ගන්න. මේක හොදයිනම් කමෙන්ට් එකක් දාන්න. මගේ ගාව තවත් මේ වගේ ඇන්ටි මැල්වෙයා ක්ලීනර්ස් තියනව මම ඉදිරියේදි ඔයාලට ඒවත් ලබා දෙන්නම්. එහෙනම් බලන්නකො මේක හොදයිද කියල. පහලින් තියන ලිනක් එකට ගිහාම තියෙන download කියන එක ක්ලික් කරල බාගන්න.

Download Now

චිත්‍ර ඇදීමට තැනූ පින්ටා වැඩසටහන



චිත්‍ර ඇදිමටත්, ඡායාරෑපයක් චිත්‍රයක් සේ සකසා හැඩ ගන්වා ගන්නටත් පාවිච්චි කල හැකි මෘදුකාංගයක් ලෙස පින්ටා මෘදුකාංගය හැදින්විය හැකිය. මෙය නොමිලේ ලබාගත හැකි තමන්ගේ අවශ්‍යතා අනුව ගුණාංග වෙනසි කර ගත හැකි හෙවත් ඕපන් සෝස් මාදිලියේ මෘදුකාංගයකි. ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධති මෙන්ම, ඇපල් මැක් හා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුළදීද මෙම මෘදුකාංගය එක සේ භාවිතා කළ හැක.


Download Now